Search This Blog

Lomo color effect (Photoshop පාඩම #33)

ඔන්න ඉතින් කාලෙකින් මේ පැත්තෙ ආවා. ඔයාලා හිතුවද දන්නෙනෑ Blog එක නැවතුනා කියලා. නෑ මම ටිකක් පහුගිය දවස්වල හිටියේ දැයට කිරුළ වැඩවලට හිරවෙලා ඒ නිසයි මේ පැත්තේ එන්න බැරි උනේ. ඉතින් අද අපි ඉගෙනගන්න යන්නේ Image එකකට ලස්සන color effect එකක් දාන්නයි. මේ මම ඔයාලා වෙනුවෙන් අරන් එන හැම පාඩමක්ම ඔයාලා පුහුණු වෙන්න. මේ පාඩම වැඩක් නෑ කියලා අතාරින්න එපා මොකද දන්නවද? මම ඔයාලට මුලින්ම කිව්වනේ අපි මූලික පාඩම් අත ඇරල තමයි මේ පාඩම් මාලාව පටන්ගන්නේ කියලා. ඒ නිසා මම මේ හැම පාඩමකම මූලික දැනුම ලබාදෙනවා. අපි එහෙනම් පාඩම පටන් ගමු.

Effect of Color Dripping (Photoshop පාඩම #32)

කොහොමද යාලුවනේ. ඔන්න මම තවත් අළුත් පාඩමක් අරන් ආවා. ඒ වගේම මම Blog එකත් පොඩි වෙනසක් කලා. හොඳයි නේද? මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ color effect එකක්. ඉතින් අපි දැන් ඒ පාඩමට යමු.

Add a rainbow to a photo (Photoshop පාඩම #31)

අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Image editing කියන කාණ්ඩයට වැටෙන පාඩමක් මේක ඉතාමත් සරල පාඩමක්. ඔයාලත් උත්සහකරල බලන්න. ඔයාලා ලඟ තියෙන image එකකට කොහොමද දේදුන්නක් එකතු කරන්නේ කියලා.

Text Around the Globe (Photoshop පාඩම #30)

ඔන්න ඉතින් මම 30 වෙනි පාඩමත් අරන් ඔයාලාව බලන්න ආවා. Blog post 30ක්…! අම්මෝ.. මටනම් හිතාගන්නත් බෑ මම මෙච්චර දෙයක් කලා කියලා. මොකද මට තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක මේ තරම් හරි කරගත්ත එක ලොකු දෙයක්.. එහෙනම් අදත් අපි ඉගෙනගන්න යන්නේ Text සම්බන්ද පාඩමක්. කරලම බලමු.

Photoshop Inverted Text in Concentric Circles (Photoshop පාඩම #29)

ඉතින් ඔන්න මම තවත් පාඩමක් අරන් ඔයාලා බලන්න ආවා. මම කලින් කිව්වා වගේ දැන් අපි ටිකෙන් ටික advance විදිහට පාඩම් ඉගෙන ගන්නවනේ ඔන්න මම අද අරන් ආවේ ටිකක් වෙනස් පාඩමක්. අපි දිගටම Image වලට effect දාන්න පුරුදු උනානේ. ඉතින් මම තීරණය කලා අද ඔයාලට නියම text effect එකක් දාන විදිහ කියලා දෙන්න. මට තියෙන කාලය අඩු නිසා අපි ඉක්මනින්ම පාඩමට යමු.

Rainbow Background in Photoshop (Photoshop පාඩම #28)

ඔන්න ඉතින් මම ආයෙත් පාඩමක් අරන් ආව. හැමදාම අහනව වගේ අදත් මුලින්ම අහන්නේ ඔයාලට කොහොමද? හොඳින් ඉන්නවා නේද? කියලයි. මම නම් ඉතින් මේ දවස්වල ටිකක් කාර්‍යබහුල ජීවිතයක් තමයි ගතකරකරන්නේ. ඔයාලා පිලිගනීද දන්නේ නෑ මම මාස ගානකින් ගෙදර ගියෙත් නෑ. අම්මා හැමදාම call කලාම අහන්නේ කවදද ගෙදර ඇවිත් යන්නේ කියලා. මොනව කරන්නද මේ රැකියාවේ හැටි ඔහොම තමයි කියලා යන්තම් බේරෙනවා. ඔයාලා හිතනවා ඇති මම අම්මට බොරුවක් කිව්වා කියලා නේ? නෑ ඇත්ත තමයි. මේක තමයි හැටි. හැබැයි මම මේ රැකියාවට ගොඩාක් ආදරෙයි. හරි මම ගැන කථාකලා ඇති ඔන්න මම පාඩමට ගියා.

A simple sunset Effect in Photoshop(Photoshop පාඩම් #27)

ඔන්න යාලූවනේ මම ආයෙත් පාඩමක් අරන් ඔයාලා හමු වෙන්න ආවා. මේකත් Photoshop  භාවිතා කරලා Image වලට කරන්න පුළුවන් Color effect එකක් ගැන පාඩමක්. මේක අවසානයේ අපිට පුලුවන් හවස්කාලයේ වගේ වර්ණ පරාසයක් සහිත Image එකක් හදාගන්න. ඒ වගේම මගේ යාළුවන් මතක තියාගන්න මම මේ වගේ සිදුකරන සංඛ්‍යාත්මක වෙනස් කිරීම් බොහෝ වෙලාවට ඔයාලා ගන්න Image එකට හරියටම හරියන්නේ නැතිවෙන්න පුලුවන් ඒ නිසා ඔයාලා ඒ අගයන් ටිකක් එහා මෙහා කරලා බලන්න ඔයාලට නියම ප්‍රථිපලයක් ගන්න පුලුවන්. අපි දැන් පාඩමට හැරෙමු…

Multiple Color Overlays over the Photograph (Photoshop පාඩම #26)

ඉතින් මගෙ යාළුවනේ ඔන්න අපි ආයෙත් අළුත් පාඩමකින් හමුඋනා. ඔයාලට කොහොමද? දැන් අපි ටිකෙන් ටික මේ පාඩම් මාලාව Advance කරමු නේද? ඉතින් අද අපි ඉගෙනගන්න යන්නේ Image එකකට ලස්සන Color Effect එකක් දාන්නේ කොහොමද කියලයි. හරි අපි පාඩමට යමු.

Create a ribbon with custom logo using Photoshop (Photoshop පාඩම #25)

ඔන්න ඉතින් අද 25 වෙනි පාඩමත් අරගෙන මම ආවා. මම හිතනවා මේ Blog එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා කියලා. එහෙම උනානම් මගේ උත්සාහය සාර්ථකයි කියලා හිතනවා. ඒ වගේම මම පහුගිය කිසිම post එකකින් comment එකක් දාන්න කියලා ඉල්ලලා නෑ. ඒ නිසා මම අද ඔයාලගෙන් ඉල්ලනවා. මේ ගැන හොඳ නරක කියලා comment එකක් දාන්න කියලා. අපි අද පාඩමට යමු. අද මම ටිකක් වෙනස් දෙයක් කියලා දෙන්න හදන්නේ. කරල බලමු කොහොමද කියලා.

Image resize in Photoshop (Photoshop පාඩම #24)

ඔන්න ඉතින් අපි ආයෙත් සැරයක් පාඩමකින් හමු උනා දැන් මම කියල දෙන්න යන්නේ ඉතාමත් පුංචි කරුණක් නමුත් මේක අපිට නිතරම භාවිතාකරන්න වෙන දෙයක්. සමහර වෙලාවට ඔයාලාගේ පරිඝණකයේ තියෙන Image එකක් internet එකට upload කරන්න ගිහාම size එක වැඩි කියල කියනවා. එහෙම නැත්තම් ගොඩක් වෙලාව ගත වෙනවා. ඉතින් අද අපි ඉගෙන ගන්නේ කොහොමද photoshop භාවිතාකරලා Image එකක size එක අඩුකරගන්නේ කියලා.

How to use quick selection in Photoshop (Photoshop පාඩම #23)

Photoshop වලින් Editing කරනකොට කරන්න තියෙන ලොකු දෙයක් තමයි අපිට අවශ්‍ය ඡායාරූප වලින් යම් යම් කොටස් තෝරගෙන කපාගන්න එක මම ඔයාලට ක්‍රම කිහිපයක්ම පසුගිය පාඩම් වලදී කියලා දුන්නා. ඔන්න ඉතින් මම අදත් කල්පනා කලා ඒ විදිහෙම පාඩමක් කරන්න. මේවා වැඩිපුර ඉගෙනගත්තා කියලා මොනවත් වෙන්නෙ නෑ ඒ නිසා අපි මේ පාඩමත් ඉගෙනගනිමු.

How to use Perspective Crop Tool in Photoshop CS6 (Photoshop පාඩම #22)

ඔයාලා වෙනුවෙන් ඔන්න මම අදත් අළුත් පාඩමක් අරන් ආවා. අද කියල දෙන්න යන්නෙත් පොඩි පාඩමක් නමුත් මේකෙන් ගන්න පුලුවන් වැඩ ගොඩාක් තියෙනවා. ඔයාලා  දන්නවනෙ පර්යාවලෝකනය කියන එක. අපි ගොඩාක් වෙලාවට වෘත්තිය මටටමේ  ඡායාරූපකරනයේ යෙදෙනවනම් මේ පර්යාවලෝකනය කියන එකෙන් ගොඩක්  නිර්මාණශීලී  ඡායාරූප ගන්න පුලුවන්. මේ ගැන ඔයාලට ගොඩක් තේරුම් ගන්න පුලුවන් පහතින් මම උදාහරණයට අරන් තියෙන රූපය දැක්කාම. මම අද කතාකරන්න යන්නේ එහෙම  පර්යාවලෝකනය සහිත  ඡායාරූපයක කොටසක් සාමාන්‍ය ආකාරයට ගන්නෙ කොහොමද කියලයි. එහෙනම් ඉතින් අපි ඉක්මනින්ම පාඩමට යමු.

Create the sepia effect really fast using Photoshop (Photoshop පාඩම #21)

කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවා නේද? ඔන්න මම අදත් අලුත් පාඩමක් අරන් ආවා. අළුත් කියලා කිව්වට ඉතින් අලුත්ම න. මේක දන්න අය ඇති. ඒ අය මේක බලන්න එපා. දන්නේ නැති අය විතරක් බලලා දෙයක් ඉගෙනගන්න. මම මේ ලිපිය ලියන්නේ මගේ මේ Blog එකට යන එන යාළුවෙක් නිසයි. එයා මට photo එකක් එවලා ඇහුවා කොහොමද ඒක කරන්නෙ කියලා ඉතින් මම තීරණය කලා ඒ දේ කරන විදිහ ඔයාලටත් දැනගන්න කියලා දෙන්න ඕනෙ කියලා.

How to create an object reflection in Photoshop (Photoshop පාඩම #20)

අද මම කියලා දෙන්න හදන්නේ අපි කොහොමද photoshop භාවිතාකරල, අකුරු වලට ප්‍රතිබිම්භයක් ලබාදෙන්නේ කියලා. මේක කරන්න තව ක්‍රමත් තියෙනවා අපි එවාත් පස්සේ ඉගෙනගනිමු. මේ විදිහට අකුරුවලට විතරක් නෙවේ ඔයාලට ඕනේ දේකට ප්‍රතිබිම්භයක් දෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට හිතන්න ජලාශයක් ලඟ ගොඩනැගිල්ලක් වගේ දෙයක් අපිට නිර්මාණය කරන්න ඕනෙ උනොත් මේ ක්‍රමය පාවිච්චිකරන්න පුලුවන්. හරි අපි වැඩේට බහිමු.

Difference between Opacity and Fill (Photoshop පාඩම #19)

හ්ම්ම්ම්… ඔන්න ඉතින් අපි 19 වෙනි පාඩමත් අරන් ආවා. ඔයාලට මතක ඇති මම පාඩම් කීපයකදීම Opacity එක ගැන කථා කලානේ. ඉතින් මම කල්පනා කලා අද ඒ Opacity එක ගැන පොඩ්ඩක් කථාකරන්න. ඒ වගේම ඒ ලඟින්ම තියෙන Fill කියන එක ගැනයි, ඒ දෙකේ තියෙන වෙනස ගැනයි කතාකරනවා.

Cropping images in Photoshop (Photoshop පාඩම #18)

දැන් ගොඩාක් රෑවෙලා නිදාගන්නත් ඕනේ දැන් තමයි වැඩටික ඉවර වෙලා කාමරේට ආවේ. ඈ.. මොකෝ හිතන්නේ මෙච්චර රෑ වෙනකම් මොනවද කලේ කියලද හිතන්නේ.. හ්ම්ම්ම්ම්.. මම ගැන ඔයාලට තාම කියලා නෑනේ. දන්න අයත් ඉන්නවා කමක් නෑ පස්සෙම කියන්නම්. මම අද නම් පුංචි දෙයක් කියලා දීලා නිදාගන්නවා හොඳේ…. අද මම කියන්න යන්නෙ කොහොමද photo එකක වැඩි හරිය කපලා දාන්නේ කියලයි.

How to add black frame around picture (Photoshop පාඩම #17)

මගේ යාළුවනේ කලින් පාඩම කියලා දුන්න විදිහ තේරුනේ නැද්ද? හරි කමක් නෑ අපි ඉස්සරහට යමු. මම මේ කියලා දෙන්න යන්නේ ඉතාමත් සරළ දෙයක් ඒත් ඒක ඔයාලට කියලා දෙන්න ඕනෙ කියලා මට හිතුනා. ඒ නිසා අපි ඒකත් කරලා බලමු.

How to replace a face with Photoshop (Photoshop පාඩම #16)

මම අද කියල දෙන්න හදන පාඩම තව ටිකක් පරක්කු වෙලා තමයි දෙන්න හිතාගෙන හිටියේ. ඒත්, මගේ මේ blog 1කට යන එන ඒ වගේම මේ ගැන උනන්දුවක් තියෙන, නිතරම මාව දිරිමත්කරන මගේ හොඳ යාළුවෙකුගේ ඉල්ලීම නිසා තමයි මේක කලින්ම දෙන්නේ. ගොඩාක් සරල විදිහට කියලා දෙන්න උත්සාහකරන්නම්. ඒ වගේම මම පොරොන්දු වෙනවා ඉදිරියේදිත් මේ පාඩම මීට වඩා ගැඹුරින් කියලා දෙනවා කියලා. හරි අපි වැඩේට බහිමු.

Create a selection using Quick Mask in Photoshop (Photoshop පාඩම #15)

යාළුවනේ ඔයාලට මතකද මම Pen tool එක ගැන පාඩමක් කලා. ඒකේදි මම කිව්වනේ අපිට රූපයක තියෙන යම්කිසි කොටසක් තෝරාගන්න ඕනෙනම් ඒකට ක්‍රම කීපයක්ම තියෙනවා කියලා අපි අද ඒ ක්‍රමවලින් තවත් එකක් ඉගෙනගනිමු.

Create picture inside of a picture using Photoshop (Photoshop පාඩම #14)

ඔන්න 14 වෙනි පාඩමේ දී මම කියලා දෙන්න යන්න හදන්නේ අපි අපේ Photo එකක Background එකට කොහොමද විශේෂ Effect එකක් දාලා ලස්සන කරගන්නේ කියලයි.
01) ඔබට මේ Effect එක දාන්න ඕනේ Photo එක Photoshop මතට ගන්න.

How to use History in Photoshop (Photoshop පාඩම #13)

ඔන්න මම තවත් අළුත් පාඩමක් අරන් ආවා. මේකත් Editing එකක් ගැන කියන පාඩමක් නෙවේ. මේක මූලික දේවල් කීපයක් කියලා දෙන පාඩමක්. හැබැයි මේක හරියට කරන්න. මොකද අපි ඉදිරියේදී ඉගෙනගන්න යනවා Photoshop භාවිතා කරලා animation හදාගන්න හැටි, ඉතින් ඒකට මේ පාඩම ගොඩාක් වැදගත්. ඒ දේවලට විතරක් නෙවේ ඔයාලට මේක ගොඩාක් පාවිච්චිකරන්න අවස්ථා එනවා..

How to unhide Photoshop CS6 filters in the menu (Photoshop පාඩම #12)

ඔන්න මම දැන් කියලා දෙන්න යන්නේ අපි කොහොමද Photoshop වල හැංගිලා තියෙන Filters, Artistic සහ Brush Strokes වගේම තවත් විශේෂාංග කොහොමද පාවිච්චියට ගන්නෙ කියලා. කථා අඩුකරලා අපි වැඩේට බහිමු.

Change the color of Photoshop user interface (Photoshop පාඩම #11)

කොහොමද ඔයාලට? ඔක්කොම කට්ටිය හොදින් ඉන්නවානේ? හරි දැන් අපි ඉගෙනගන්න යන්නෙ කොහොමද අපි Photoshop වල පාට වෙනස් කරන්නේ කියලා. ඒ කියන්නේ Photoshop user interface එකේ  color එක වෙනස් කරන්නේ කොහොමද කියලා.

How to make a selection using Pen Tool in Photoshop (Photoshop පාඩම #10)

ඔන්න මම මේ ආවේ 10 වෙනි පාඩමත් අරගෙනයි. අදත් මම ටිකක් විශේෂ දෙයක් තමයි අරන් ආවේ. මේකත් අපේ Photoshop ඉගෙනගන්න ආධුනිකයන්ට ඉතාමත් වැදගත් පාඩමක්. මොකද අපි ගොඩාක් වෙලාවට යම්කිසි රූපයක යම් දෙයක් තෝරාගැනීමේදී පාවිච්චි කරන්නේ Lasso tool එකනේ නමුත් මම අද කියලා දෙනවා කොහොමද Pen Tool එක භාවිතාකරලා රූපයක කොටසක් තෝරගන්නේ කියලා. මේක හරිම ලේසි වැඩක්. හරි අපි දැන් පටන්ගමු.

How to use guide lines in Photoshop (Photoshop පාඩම #9)

දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ Photoshop වල තියෙන guide lines කියන පහසුකම කොයි විදිහටද අපි ප්‍රයෝජනයට ගන්නේ කියලා. මේ පහසුකම  නිර්මාණ  කටයුතු  වලදී අපිට 90% ක් විතර භාවිතා කරන්න වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම අපි ඉදිරියට ඉගෙනගන්න ඉන්න Photoshop භාවිතාකරලා web අඩවි සඳහා web පිටු නිර්මාණයේදී ඉතාමත් වැදගත් වෙනවා.

Put a screenshot on another screen using Photoshop (Photoshop පාඩම #8)

ඔන්න අපි තවත් වැඩක් දෙන්නයි යන්නේ කථා අඩුකරලා අපි වැඩේට බහිමු නේද? එහෙම කිව්වේ මම සාමාන්‍යයෙන් කථාකරන කෙනෙක් නෙවේ. හැබයි කතාකරන්න පටන් ගත්තොත් නවත්වන්න නම් ටිකක් අමාරුයි. මගේ කොල්ලෝ ටිකනම් ඒක දන්නවා. හරි මෙන්න වැඩේ පටන්ගත්තා.

Content aware moving of objects in Photoshop CS6 (Photoshop පාඩම #7)

ඔන්න ඉතින් දැන් මම කියල දෙන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ඒ තමයි photo එකක තියෙන යම් දෙයක් ඒ photo එකේම තව තැනකට අරන්යන විදිහ. මේකට ක්‍රම කීපයක්ම තියෙනවා අපි ඒ දේවලුත් ඉදිරියේදී ඉගෙන ගමු.

Adding dots to an object with Photoshop CS6 (Photoshop පාඩම #6)

ඔන්න අපි තවත් පාඩමකින් හමුවුනා. මම ටිකක් ඉක්මනින් මගේ මේ පාඩම් ටික ඔයාලට ඉදිරිපත් කරන්න තීරණය කරලා තියෙන්නේ, අපි මේ තාම ඉගෙනගන්නේ photoshop basic නිසා. ඉදිරියට මීට වඩා සංකීර්ණ පාඩම් ඔයාලට මම අරන් එනවා.

Straighten a picture using Photoshop (Photoshop පාඩම #05)

ඔන්න මම දැන් කියල දෙන්න යන්නේ පහලින් තියෙනවා වගේ Photo එකක් කොහොමද සමබර කරගන්නේ කියලා. මේක එච්චර වෙලායන දෙයක් නෙවේ. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. අපි බලමු කොහොමද කරන්නේ කියලා.

How to setup Photoshop keyboard shortcuts (Photoshop පාඩම #04)

හොඳයි, යාළුවනේ ඔන්න මම අළුත් post 1ක් අරගෙන ආවා. මේක ටිකක් විශේෂ පාඩමක්. මම අද කියලා දෙන්න යන්නේ කොහොමද photoshop වල වැඩකරන කොට ඒ කාර්යය වඩාත් ඉක්මනින් හා පහසුවෙන් කරගන්න පුලුවන් වෙන විදිහට shortcut දාගන්නෙ කියලා. කතා ඇති අපි වැඩේට බහිමු.

Water Drop Text Effect (Photoshop පාඩම #02)

හරි ඔන්න අපි 2වෙන පාඩමත් කරන්නයි යන්නෙ.
මුලින්ම 1000x500 pixel ප්‍රමාණයේ සුදුපාට පසුබිම් වර්ණය සහිත වැඩපතක් හදාගන්න.

Moon Shine Text Effect (Photoshop පාඩම #01)

ඔන්න ඉතින් මම පොරොන්දු වුන විදිහට Photoshop පාඩම පටන්ගන්නයි යන්නේ. හැබැයි මම ඔයාලට මූලික දේවල්නම් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි කෙලින්ම වැඩේට බහිමු.
මම මේ කියලා තියෙන විදිහට ඔයාලා කරගෙන යන්න. ප්‍රායෝගික අභ්‍යාස කරනකොට ඔයාලට කොහොමත් මූලික දැනුමක් ලැබෙයි. ඒ වගේම ඔයාලට මූලික දැණුම ඕනෙමනම් පහත තියෙන link වලින් ගිහින් pdf ටික බාගෙන බලන්න.