ඔන්න මම මේ ආවේ 10 වෙනි පාඩමත් අරගෙනයි. අදත් මම ටිකක් විශේෂ දෙයක් තමයි අරන් ආවේ. මේකත් අපේ Photoshop ඉගෙනගන්න ආධුනිකයන්ට ඉතාමත් වැදගත් පාඩමක්. මොකද අපි ගොඩාක් වෙලාවට යම්කිසි රූපයක යම් දෙයක් තෝරාගැනීමේදී පාවිච්චි කරන්නේ Lasso tool එකනේ නමුත් මම අද කියලා දෙනවා කොහොමද Pen Tool එක භාවිතාකරලා රූපයක කොටසක් තෝරගන්නේ කියලා. මේක හරිම ලේසි වැඩක්. හරි අපි දැන් පටන්ගමු.
01) ඔබට කැමති ඦායාරූපයක් Photoshop මතට ගන්න. ඔබ මේ ක්‍රියාව සිදුකරන මුල් අවස්ථාව මේ නම්, පහත ආකාරයේ වෙනස් වර්ණ සංයෝජනයක් සහිත ඦායාරූපයක් ලබාගන්න.
02) පහත රූපයේ පරිදි Pen Tool එක තෝරාගන්න. එහෙම නැත්නම් යතුරු පුවරුවේ P අකුර ඔබලා එම Tool එක තෝරාගන්න.
03) අපේ මේ වැඩේ පටන් ගන්න කලින් ඔයාලා බලන්න ඕනේ පහත රූපයේ විදිහට Paths කියන තැන තෝරලා තියෙනවද කියලා.
04) දැන් රූපයේ තෝරාගැනීමට ඕනෙ කරන කොටසේ අයිනක click කරන්න.
05) දැන් ටිකක් පහලින් ඒ වගේම අයිනෙන් Click කරන්න. හැබැයි Mouse button එක Click කරලා අත අරින්න එපා. අල්ලගෙනම ඉන්න.
06) ඊලඟට රූපයේ විදිහට mouse එක ඇදල, ඔබේ රූපයට ගැලපෙන විදිහට වක්‍රයක් හදාගන්න. දැන් mouse button එක අතාරින්න.
07) නැවතත් රූපයේ විදිහට අයිනක click කරන්න. mouse button එක අතාරින්න එපා.
08) පෙර පරිදිම mouse button එක ආධාරයෙන් වක්‍රයක් ඇඳගන්න.
09) ඒ විදිහට වටේටම ඇඳගන්න. අවසානයේ ඔබ Pen tool එක භාවිතාකරන්න පටන්ගත්ත ස්ථානයේ click කලපසු පහත පරිදි පෙනේවි.
10) රූපසටහනේ පරිදි Convert Point Tool තෝරන්න.
11) දැන් ඔබට හැකියාව තියෙනවා ඔබ සලකුණු කල ඉරි සටහන තවත් හොදට සකස්කරගන්න.
12) මේ රූපයත් බලන්න.
13) දැන් බලන්න ඔයාලටත් මේ වගේ ලස්සනට path එක ඇවිත් තියෙනවද?
14) ඔයාලා දැන් ඒ තෝරාගත් රූපය උඩ Right click කරලා Make Selection තෝරන්න.
15) එතකොට ඔන්න සංවාද කොටුවක් එනවා ඒකෙ අහනවා Feather radius කියලා එකක් ඒ අහන්නේ අපි මේ කොටස Copy හරි Cut හරි වෙනත් දෙයක් හරි කරනවනම් මේ Photo එකේ color එක කොයි විදිහටද අඩුවෙන්න ඕනේ කියලා. අපි පහත පරිදි සකස්කරගමු.
16) හරි ඔයාලා වැඩේ කරලා ඉවරයි. දැන් ඔයාලට පුලුවන් මේක Copy හරි Cut හරි කරලා වෙනත් තැනකට අරන් යන්න.
ඊලඟ පාඩමින් හමුවෙමු….මේ පාඩමේ PDF File එක බාගන්න..
No comments:
Post a Comment