ඔන්න ඉතින් අද 25 වෙනි පාඩමත් අරගෙන මම ආවා. මම හිතනවා මේ Blog එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා කියලා. එහෙම උනානම් මගේ උත්සාහය සාර්ථකයි කියලා හිතනවා. ඒ වගේම මම පහුගිය කිසිම post එකකින් comment එකක් දාන්න කියලා ඉල්ලලා නෑ. ඒ නිසා මම අද ඔයාලගෙන් ඉල්ලනවා. මේ ගැන හොඳ නරක කියලා comment එකක් දාන්න කියලා. අපි අද පාඩමට යමු. අද මම ටිකක් වෙනස් දෙයක් කියලා දෙන්න හදන්නේ. කරල බලමු කොහොමද කියලා.
01) මුලින්ම මම අරන් තියෙන විදිහේ photo එකක් background එක විදිහට ගන්න.
02) නව Layer එකක් සකස්කරගන්න.
03) Rectangular Marquee Tool එක පහත පරිදි තෝරාගන්න. නැතිනම් යතුරුපුවරුවේ M යතුර ක්‍රියාත්මක කරන්න.
04) පහත රූපයේ පරිදි කොටුවක් ඇඳගන්න.
05) දැන් Polygonal Lasso Tool එක තෝරාගන්න.
06) දැන් යතුරුපුවරුවේ Alt යතුර ඔබාගෙන පහත මම ඇඳලා තියෙනවා වගේ සකස්කරගන්න. Alt යතුර ඔබාගෙන අදිනු ලබන විට සිදුවනුයේ අප කලින් තෝරනලද ප්‍රදේශය අඩුවීමයි.
07) පහත රූපයේ පරිදි foreground color එක තෝරන්න. ඔබ කැමති වර්ණයක් තෝරාගන්න.
08) පෙර පියවරේදී තෝරාගන්නා ලද වර්ණයට වඩා තද පැහැති වර්ණයක් background color ලෙස තෝරාගන්න.
09) Gradient Tool එක තෝරන්න. යතුරුපුවරුවේ කෙටි යතුර වන්නේ G යතුරයි.
10) Gradient Pattern එක සකස්කරගන්න පහත පරිදි click කරන්න.
11) ඔබ තෝරනලද වර්ණ දෙක සහිත කොටුව තෝරා OK කරන්න.
12) Linear Gradient කියන තැන click කරන්න.
13) පහත රූපයේ පරිදි ඇඳගන්න.
14) බලන්න මේ වගේ එකක් ආවද කියලා.
15) දැන් Manu bar එකේ Layer => Layer Style => Drop Shadow තෝරන්න. පහත පරිදි සැකසුම් සකස්කරගන්න.
16) ඊළඟට Inner Glow යටතේ පහත පරිදි සැකසුම් සාදාගෙන OK කරන්න. මෙහිදී වර්ණ සැකසුම සඳහා ඔබ Background color ලෙස තෝරාගන්නා ලද වර්ණය හා සමාන තද පැහැති වර්ණයක් තෝරාගන්න.
17) නැවත නව Layer එකක් සකස් කරගන්න.
18) දැන් යතුරු පුවරුවේ D අකුර ඔබලා පෙර අප සකස්කරගත් වර්ණ සැකසුම් නැවත කළු/සුදු කරගන්න.
19) Menu bar එකේ Filter => Render => Clouds තෝරන්න.
20) Menu bar එකේ Filter => Sketch => Chrome තෝරන්න. පහත පරිදි සැකසුම් සකස්කරගෙන OK කරන්න. මොකක් හරි අවුලක් තියෙනවද? මම නම් හිතන්නේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඔයාලට මේ කියපු Filter එක හොයාගන්න බැරිද? එහෙනම් ඔයාලා මගෙ කලින් පාඩම මෙතනින් බලලා ඒ විදිහට කරගන්න.
21) පහත රූපයේ විදිහට ඔයාලා සකස් කරගත් නව Layer එකේ blending mode එක Multiply විදිහට වෙනස් කරන්න. opacity එක 50% දක්වා අඩුකරන්න.
22) බලන්න පහත වගේ රූපයක් ඔයාලටත් ලැබුනද කියලා.
23) හරි දැන් ඔන්න අපි සූදානම් වෙන්නේ මේක උඩ අකුරු ටිකක් Type කරන්න. ඒ සඳහා type tool එක ගන්න.
24) Center text තෝරන්න. අවශ්‍ය නම් වර්ණයත් වෙනස් කරගන්න.
25) ඔබට අවශ්‍ය දේ type කරගන්න.
26) Ctrl + T ඔබලා අවශ්‍ය ප්‍රමාණයට විශාලත්වය වෙනස් කරගන්න.
27) දැන් Manu bar එකේ Layer => Layer Style => Bevel & Emboss තෝරන්න. පහත පරිදි සැකසුම් සකස්කරගන්න. OK කරන්න.
28) වැඩේ ඉවරයි… බලන්න කොහොමද කියලා…
හොඳයිද? Post එක ටිකක් දිග වැඩි උනා නේද? හරි, එහෙනම් ඔන්න මම ගියා…
මේ පාඩමේ PDF එක මෙතනින් ගන්න…
No comments:
Post a Comment