Search This Blog

Difference between Opacity and Fill (Photoshop පාඩම #19)

හ්ම්ම්ම්… ඔන්න ඉතින් අපි 19 වෙනි පාඩමත් අරන් ආවා. ඔයාලට මතක ඇති මම පාඩම් කීපයකදීම Opacity එක ගැන කථා කලානේ. ඉතින් මම කල්පනා කලා අද ඒ Opacity එක ගැන පොඩ්ඩක් කථාකරන්න. ඒ වගේම ඒ ලඟින්ම තියෙන Fill කියන එක ගැනයි, ඒ දෙකේ තියෙන වෙනස ගැනයි කතාකරනවා.
01) ඔයාලත් මේ වගේ, Photoshop මත සුදුපැහැති හිස් වැඩපතක් සකස්කරගන්න.
1
02) Horizontal Type Tool එක තෝරන්න. පහත රූපයේ පරිදි හෝ යතුරු පුවරුවේ T අකුර එබීමෙන් ගන්න පුලුවන්.
2
03)  Font එක තෝරන්න…
3
04)  Font එකේ පාට තෝරන්න…
4
05) හිස් වැඩපත මත click කරලා ඔබ කැමති දෙයක් Type කරගන්න.
5
06)  menu bar එකේ Layer => Layer Style => Stroke. තෝරන්න. මම කරලා තියෙනවා වගේ settings ටික ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න.
6
07) ඉහත Dialog box එකේම වම්පස තියෙන Outer Glow තෝරලා මම සකස්කරලා තියෙනවා වගේ සැකසුම් හදාගෙන OK කරන්න.
7
08) අපි දැන් අපේ text layer එකට effects දෙකක් දාගෙන තියෙන්නේ.
8
09) පහත රූපයෙන් ඔයාලට බලාගන්න පුලුවන් Layer palette එක කොයිවගේද කියලා. ඔයාලගේ Layer palette එක පේන්න නැත්නම්, F7 යතුර ඔබලා ගන්න පුලුවන්.
9
10) දැන් Opacity එක 40% දක්වා අඩුකරගන්න.
10
11) ඔයාලට පෙනේවි ඔයාලගෙ සම්පූර්ණ අකුරු ටිකම වෙනස් වෙලා තියෙන විදිහ.
11
12) දැන් නැවත Opacity එක 100% කරලා Fill කියන එක 40% දක්වා අඩුකරන්න.
12
13) දැන් බලන්න මොකද උනේ කියලා. අපි දාපු effects වලට කිසිම වෙනසක් වෙලා නෑ නේද?
13
හොඳයි යාලුවනේ ඔයාලට දැන් පහැදිලි ඇති Opacity එකෙයි Fill කියන එකෙයි වෙනස…
මේ පාඩමේ PDF එක මෙතනින් ගන්න.
download_square

No comments: