Search This Blog

Lomo color effect (Photoshop පාඩම #33)

ඔන්න ඉතින් කාලෙකින් මේ පැත්තෙ ආවා. ඔයාලා හිතුවද දන්නෙනෑ Blog එක නැවතුනා කියලා. නෑ මම ටිකක් පහුගිය දවස්වල හිටියේ දැයට කිරුළ වැඩවලට හිරවෙලා ඒ නිසයි මේ පැත්තේ එන්න බැරි උනේ. ඉතින් අද අපි ඉගෙනගන්න යන්නේ Image එකකට ලස්සන color effect එකක් දාන්නයි. මේ මම ඔයාලා වෙනුවෙන් අරන් එන හැම පාඩමක්ම ඔයාලා පුහුණු වෙන්න. මේ පාඩම වැඩක් නෑ කියලා අතාරින්න එපා මොකද දන්නවද? මම ඔයාලට මුලින්ම කිව්වනේ අපි මූලික පාඩම් අත ඇරල තමයි මේ පාඩම් මාලාව පටන්ගන්නේ කියලා. ඒ නිසා මම මේ හැම පාඩමකම මූලික දැනුම ලබාදෙනවා. අපි එහෙනම් පාඩම පටන් ගමු.

01) අද පාඩමට සුදුසු image එකක් ගන්න.
ScreenHunter_69 Dec. 13 17.48

02) Layer => New Adjustment Layer => Gradient Map තෝරන්න. OK කරන්න.
ScreenHunter_69 Dec. 13 17.50

03) දැන් පහත රූපවල පරිදි පිලිවෙලට click කරලා වර්ණ සැකසුම් කරගන්න.
ScreenHunter_70 Dec. 13 17.50
ScreenHunter_70 Dec. 13 17.54
ScreenHunter_71 Dec. 13 17.54
ScreenHunter_72 Dec. 13 17.54
     OK කරන්න.

04) පහත රූපයේ හා සමාන වර්ණ පරසයන් සකස්කරගන්න.
ScreenHunter_72 Dec. 13 17.58

05) ඔයාලගේ ඡායාරූපයත් මේ වගේ පෙනේවි.
ScreenHunter_73 Dec. 13 17.58

06) දැන් ඔබ සකස්කරගත් Layer එකෙහි Blending option එක Overlay ලෙස වෙනස්  කරන්න. 
ScreenHunter_73 Dec. 13 17.59

07) Layer => New Adjustment Layer => Curves තෝරන්න. පහත සැකසුම් සකස් කරගෙන OK කරන්න.
ScreenHunter_73 Dec. 13 18.01

08) නව Layer එකක් සකස්කරගන්න.
ScreenHunter_73 Dec. 13 18.02

09) menu bar එකෙහි Edit => Fill විධානය ලබාදී කලු වර්ණය තෝරා OK කරන්න.
ScreenHunter_73 Dec. 13 18.03

10) Elliptical Marquee Tool එක තෝරන්න.
ScreenHunter_74 Dec. 13 18.03

11) පහත රූපයේ පරිදි රවුමක් ආකාරයට ඇඳගන්න.
ScreenHunter_74 Dec. 13 18.04

12) ඒ මත Right click කර Feather තෝරන්න.
ScreenHunter_75 Dec. 13 18.04

13) Feather Radius එක 100 ලෙස තබා OK කරන්න.
ScreenHunter_75 Dec. 13 18.05

14) දැන් යතුරු පුවරුවේ Delete යතුර ඔබලා කලූ පැහැති වර්ණය මකාදමන්න. අවශ්‍ය නම් තව සැරයක් Delete යතුර ඔබන්න. Select => Deselect විදානය ලබාදෙන්න.
ScreenHunter_75 Dec. 13 18.06

15) දැන් Ctrl යතුර ඔබාගෙන පහත රූපයේ පරිදි එම Layer එක උඩ click කරන්න. දැන් ඔයාලට පේනවා ඇති කලූ layer එකේ ඉතිරි වෙලා තියෙන කොටස select වෙලා තියෙන විදිහ.
ScreenHunter_75 Dec. 13 18.07

16) මීලඟට ඔබ ගත් ඡායාරූපය සහිත layer එක තෝරන්න.
ScreenHunter_75 Dec. 13 18.08

17) menu bar එකෙහි Filter => Blur => Gaussian Blur තෝරන්න. පහත ආකාරයේ සැකසුම් සකස්කරගෙන OK කරන්න.
ScreenHunter_76 Dec. 13 18.08

18) ඔන්න අපි ඒ පාඩමත් කරලා ඉවරයි.
ScreenHunter_76 Dec. 13 18.09

ගිහින් එන්නම්….

මේ පාඩමේ PDF එක ගන්න.
download_square

No comments: