මම අද කියල දෙන්න හදන පාඩම තව ටිකක් පරක්කු වෙලා තමයි දෙන්න හිතාගෙන හිටියේ. ඒත්, මගේ මේ blog 1කට යන එන ඒ වගේම මේ ගැන උනන්දුවක් තියෙන, නිතරම මාව දිරිමත්කරන මගේ හොඳ යාළුවෙකුගේ ඉල්ලීම නිසා තමයි මේක කලින්ම දෙන්නේ. ගොඩාක් සරල විදිහට කියලා දෙන්න උත්සාහකරන්නම්. ඒ වගේම මම පොරොන්දු වෙනවා ඉදිරියේදිත් මේ පාඩම මීට වඩා ගැඹුරින් කියලා දෙනවා කියලා. හරි අපි වැඩේට බහිමු.
01) ඔබේ මුහුණ සහිත ඡායාරූපයක් ගන්න. (මේ ඉන්නේ මම නෙවේ.)
02) Lasso Tool එක තෝරන්න. මේ Tool එකෙනුත් අපිට පුලුවන් රූපයක ඇති යම් කොටසක් තෝරාගන්න.
03) මා පෙන්වා දි ඇති ආකාරයට මුහුණ තෝරාගන්න. යතුරු පුවරුවේ Ctrl + C ඔබා එම කොටස Copy කරගන්න.
04) දැන් ඔබට මුහුන වෙනස් කිරීමට අවශ්‍ය රූපය ගන්න.
05) Ctrl + V විධානය ලබාදීල ඔබේ මුහුණ මේ මතට ගන්න. දැන් Ctrl + T විධානය ලබාදීලා ඔබේ මුහුන අනෙක් මුහුණට ගැලපෙන ආකාරයට ලොකු කුඩා කරලා, හරවලා ගන්න. මතක තියාගන්න, ඒ දේකරන විට ඔබේ මුහුණේ හැඩය වෙනස් නොවීමට වගබලා ගන්න. නිතරම කොන් වලින් පමනක් අල්ලා ඒ දේ කරන්න.
06) දැන් Eraser Tool ගන්න. යතුරුපුවරුවේ E අකුර ඔබලා හරි පහත රූපයේ පරිදි හරි.
07) රූපය උඩ Right click කරන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණයට Eraser එක හදාගන්න. මතක තියාගන්න, Hardness එක 0% තියන්න. ඒ වගේම අයින ක්‍රමක්‍රමයෙන් වර්ණය අඩුවෙලායන ආකාරයේ Eraser එකක් තෝරන්න. (පළමු පේලියේ ඔබේ වම් අත පැත්තේ තියෙන වගේ එකක් තෝරාගන්න)
08) දැන් ඉතාමත් පරිස්සමින් මුහුණ විතරක් ඉතිරිවෙන විදිහට වටේට තියෙන වැඩි කොටස් ටික මකාගන්න. මතක ඇතිව බලන්න. Layer pallet එකේ select වෙලා තියෙන්නේ ඔයාලගෙ මුහුණද කියලා. එහෙම නැති උනොත් මැකෙන්නේ යටින් තියෙන රූපයයි.
09) නැවත Ctrl + T භාවිතා කරලා හරියටම මුහුනේ ප්‍රමාණය සහ අවශ්‍ය හැරවීම් ටික කරගන්න.
10) දැන් ආයෙත් Eraser Tool එක අරගෙන පහත රූපයේ පරිදි Opacity එක 15% ලෙස සකස්කර ගන්න.
11) දැන් ඉතාමත් පරිස්සමින් ඉතිරි වෙලාතියෙන අනවශ්‍ය තැන් ටිකත් මකාගන්න.
12) Ctrl + T, ඔබන්න. දැන් right click කරලා පැමිනෙන menu එකේ Warp තෝරන්න.
13) පහත පරිදි ඔබේ මුහුණ සහිත Layer එකේ Opacity එක 50% දක්වා අඩුකරන්න.
14) පරිස්සමින්, හෙමින් යට තියෙන රූපයේ අංගයන් සමඟ ඔබේ මුහුනේ අංග සමපාත කරන්න උත්සහකරන්න. ඔබේ රූපයේ හැඩය විනාශ වෙන විදිහටනම් මේ දේ කරන්න එපා. පුළුවන් තරම් කරලා ඉවර උනාම Enter යතුර ඔබලා ඉවත්වෙන්න.
15) දැන් නැවතත් ඔබේ මුහුනේ Opacity එක 100% දක්වා වැඩිකරගන්න.
16) තව සැරයක් Eraser Tool එක අරන් වෙනස්කරපු රූපයේ වැඩිතැන් නැවත මකාදමන්න.
17) ඔන්න දැන් අපි කරන්න යන්නේ Adobe Photoshop වල තියෙන පට්ටම පට්ට පහසුකමක් පාවිච්චිකරන්නයි. menu bar එකේ Image => Adjustments => Match Color වලට යන්න. පහත රූපය පරිදි Source යන තැන ඔබේ ප්‍රදාන රූපයේ නමත්, Layer යන්නෙහි ඊට අදාල Layer එකත් තෝරන්න. මේ ක්‍රියාවලිය සිදුකරන කොට Layer pallet එකේ තෝරලා තියෙන්න ඕනේ ඔබේ මුහුණ සහිත Layer එක කියලා මතක තියාගන්න.
18) දැන් පහත රූපයේ පරිදි ඔයාලගේ Layer 2ම වර්ණයන් සමාන වනතුරු සකස්කිරීම් කරගෙන OK කරන්න.
19) නැවතත් 14 වෙනි පියවරේ පරිදි Wrap Tool එකෙන් අවශ්‍ය වෙනස්කම් කරගන්න. (ඔයාලට ඕනේ කියලා හිතෙනවනම් විතරක් මේ පියවර අනුගමනය කරන්න)
20) Ctrl + L ඔබල Levels විවෘත කරගන්න. නැතිනම් menu bar එකේ Image => Adjustment => Levels වෙත යන්න. පහත පරිදි කුඩා ඊ හිස් 3න් එහා මෙහා කරමින් රූපයේ ආලෝක තත්වය වෙනස් කරගෙන OK කරන්න.
21) දැන් නැවතත් Eraser Tool එක අරගෙන අවසාන වතාවටත් අනවශ්‍ය තැන් මකා දමන්න.
22) පහත රූපයේ පරිදි ඔයාලා click කරලා බලන්න. ඔයාලට පුලුවන් ඔයාලගෙ edit එක කොහොමද කියලා බලාගන්න.
23) දැන් ඔක්කොම හරි නේද?… මම දන්නෙ නෑ ඔයාලට තේරුනාද කියලා. ඒත් ඔන්න මම මගේ බොක්කෙ යාළුවෙකුගෙ ඉල්ලීමනම් ඉෂ්ඨ කලා.
මේ පාඩමේ PDF එක මෙතනින් ගන්න..
No comments:
Post a Comment