ඉතින් මගෙ යාළුවනේ ඔන්න අපි ආයෙත් අළුත් පාඩමකින් හමුඋනා. ඔයාලට කොහොමද? දැන් අපි ටිකෙන් ටික මේ පාඩම් මාලාව Advance කරමු නේද? ඉතින් අද අපි ඉගෙනගන්න යන්නේ Image එකකට ලස්සන Color Effect එකක් දාන්නේ කොහොමද කියලයි. හරි අපි පාඩමට යමු.
01) ඔන්න මම edit කරන්න යන Image එක ගත්තා.
02) menu bar එකේ View => New Guide විදානය දීලා පහත රූපය පරිදි Vertical යන්න තෝරලා position කියන තැන 25% තියලා OK කරන්න.
03) ඉහත පියවරම නැවත දෙවරක් Position එක 50% හා 75% ලෙස සකසා OK කරන්න.
04) menu bar එකේ Image => Adjustment => Desaturate විධානය ලබාදීලා රූපය කළු/සුදු බවට පත්කරගන්න. දැන් Image => Adjustment => Levels තෝරලා පහත විදිහට සැකසුම් හදාගෙන OK කරන්න.
05) දැන් බලන්න මගේ රූපය පේන විදිහ.
06) ඔයාලත් menu bar එකේ View => Snap To වෙත ගිහින් බලන්න පහත විදිහටම තියෙනවද කියලා නැතිනම් ඒ විදිහට ඉදිරියෙන් “හරි” ලකුන දාගන්න.
07) පහත රූපයේ පරිදි Rectangular Marquee Tool එක ගන්න නැතිනම් යතුරුපුවරුවේ M යතුර ඔබන්න.
08) මම කරල තියෙන විදිහට ඔයාලගෙත් රූපයේ කොටසක් තෝරාගන්න.
09) දැන් Create new fill or adjustment layer කියන තැන click කරලා Hue/Saturation තෝරන්න.
10) Colorize ඉදිරියෙන් “හරි” ලකුන දාගෙන පහත විදිහට Hue සහ Saturation වෙනස් කරගන්න.
11) blending mode එක Color ලෙස වෙනස් කරන්න.
12) ඔන්න යාලුවනේ දැන් ඔයාලට තියෙන්නේ ඔයාලගෙ රූපයේ ඉතිරි කොටස් තුනටත් ඉහතින් තියෙන 07 සිට 11 දක්වා පියවරයන් සිදුකරන්නයි. මතක තියාගන්න.10 වෙනි පියවරේ දී එකිනෙකට වෙනස් වර්ණ එන විදිහට සකස්කරගන්න. බලන්න මගේ රූපය දිහා.
13) menu bar එකේ View => Clear Guides විදානය ලබාදෙන්න.
14) Layer => Layer Style => Stroke වෙත පිවිසිලා පහත පරිදි සැකසුම් සකස්කර OK කරන්න.
15) පහත රූපයේ පරිදි ඔබ Stroke එක ලබාදුන් Layer එක මත Right click කරලා Copy
Layer Style තෝරන්න.
Layer Style තෝරන්න.
16) දැන් ඉතිරි Layer 3 තෝරාගන්න. ඒ සඳහා Ctrl යතුර ඔබාගෙන එක් එක් Layer මත click කිරීමෙන් සිදුකල හැකිය.
17) තෝරාගන්නා ලද එක් Layer එකක් මත Right click කර Paste Layer Style තෝරන්න.
18) බලන්න මේ වගේ Photo එකක් ඔයාලා හදාගත්තද කියලා?
ගිහින් එන්නම්…….
මේ පාඩමේ PDF එක මෙතනින් ගන්න…..
No comments:
Post a Comment