ඔන්න ඉතින් මම 30 වෙනි පාඩමත් අරන් ඔයාලාව බලන්න ආවා. Blog post 30ක්…! අම්මෝ.. මටනම් හිතාගන්නත් බෑ මම මෙච්චර දෙයක් කලා කියලා. මොකද මට තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක මේ තරම් හරි කරගත්ත එක ලොකු දෙයක්.. එහෙනම් අදත් අපි ඉගෙනගන්න යන්නේ Text සම්බන්ද පාඩමක්. කරලම බලමු.
01) පහත ආකාරයේ Image එකක් ගන්න,
02) Elliptical Marquee Tool එක තෝරන්න.
03) පහත විදිහට රවුමක් ඇඳගන්න. ලෝක ගෝලය මැද mouse pointer එක තියලා Alt යතුර ඔබාගෙන ඇඳලා බලන්න. ලේසියෙන්ම රවුමක් ඇඳගන්න පුලුවන්.
04) පහත රූපයේ පරිදි Paths කියන tab එකේ Make work path from selection තෝරන්න. paths tab එක නැතිනම් menu bar එකේ windows => paths වලින් ගන්න පුලුවන්.
05) Horizontal Type Tool එක තෝරන්න.
06) Font size එක තෝරන්න.
07) Font color එක තෝරන්න.
08) ඔබ සකස්කරගත් path එක මත Click කරන්න.
09) ඔබට අවශ්‍ය දේ type කර confirm කරන්න.
10) පහත විදිහට layer එක මත Double click කර අකුරු ටික තෝරාගන්න.
11) දැන් Alt යතුර සමඟ යතුරුපුවරුවේ ඊතල යතුරු ඔබමින් අකුරු අතර දුරෙහි වෙනස්කම් සකස්කරගන්න.
12) Ctrl + H භාවිතාකර Path එක ඉවත්කරගන්න.
13) Ctrl + T විදානය ලබාදෙන්න
14) Ctrl හා Alt යතුරු ඔබාගෙන පහත පරිදි සකස්කර ගන්න.
15) Add layer mask ස්ථානය තෝරන්න.
16) Brush Tool එක තෝරන්න නැතිනම් යතුරුපුවරුවේ B යතුර ඔබන්න.
17) පහත පරිදි ඔබේ රූපයේ ලෝක ගෝලයේ නොපෙනෙන පැත්තේ ඇති අකුරු වලට ඉහලින් layer mask එක සකස්කරගන්න.
18) මෙන්න මම කරපු විදිහ.
19) Layer => Layer Style => Gradient Overlay වෙත ගොස් පහත පරිදි සැකසුම් වෙනස් කර OK කරන්න.
20) අපි වැඩේ ඉවරකරලා ඉන්නේ.
එහෙනම් මම ගිහින් එන්නම්…
මේ පාඩමේ PDF එක මෙතනින් ගන්න.
No comments:
Post a Comment