Search This Blog

How to create an object reflection in Photoshop (Photoshop පාඩම #20)

අද මම කියලා දෙන්න හදන්නේ අපි කොහොමද photoshop භාවිතාකරල, අකුරු වලට ප්‍රතිබිම්භයක් ලබාදෙන්නේ කියලා. මේක කරන්න තව ක්‍රමත් තියෙනවා අපි එවාත් පස්සේ ඉගෙනගනිමු. මේ විදිහට අකුරුවලට විතරක් නෙවේ ඔයාලට ඕනේ දේකට ප්‍රතිබිම්භයක් දෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට හිතන්න ජලාශයක් ලඟ ගොඩනැගිල්ලක් වගේ දෙයක් අපිට නිර්මාණය කරන්න ඕනෙ උනොත් මේ ක්‍රමය පාවිච්චිකරන්න පුලුවන්. හරි අපි වැඩේට බහිමු.

01) පහත සඳහන් පරිදි නව හිස් පිටුවක් සකස්කරගන්න.
1
02) දැන් ඔයාලා දන්නවනේ Text tool එක භාවිතාකරලා අකුරු type කරගන්න විදිහ? ඒ  විදිහට  ඔයාල කැමති දෙයක් ලියාගන්න.
2
03) දැන් Ctrl + J කියන විධානය දීලා. text layer එකේ තවත් පිටපතක් හදාගන්න.
3
04) පහත රූපයේ විදිහට ඔයාලගෙ අකුරු උඩ Right click කරලා Rotate 180° විදානය දෙන්න.
4
05) පොඩ්ඩක් අවුල් උනා වගේද? කලබල වෙන්න එපා. ආයෙම සැරයක් Right click කරලා Flip Horizontal විදානය දෙන්න.
5 
06) දැන් ඔයාලා යතුරු පුවරුවේ Arrow Key භාවිතාකරලා පහත පරිදි ඔයාලා හරවගත්ත අකුරු ටික පහතට ගේන්න. Enter යතුර ඔබන්න.
6
07) හොඳයි අපි දැන් සූදානම් වෙන්නෙ layer mask කියන ක්‍රමය භාවිතාකරලා එක් අකුරු පේලියකට ප්‍රතිබිම්භයක් ආකාරයේ effect එකක් ලබාදෙන්නයි. පහත රූපයේ පරිදි Add layer mask කියන button එක තෝරන්න. ඒ වගේම අවදානයෙන් ඉන්න අපි මේ ක්‍රියාකාරකම කරන්නේ මොන Layer එක මතද කියන එක. ඔයාලා දැන් දන්නවනෙ ඒක බලන විදිහ. ඒ කියන්නේ Layer Pallet එකේ High light වෙලා තියෙන Layer එකට තමයි හැම වෙලාවකම අපි කරන ඕනෙම වෙනස්කමක් වෙන්නේ.
7
08) රූපයේ පරිදි Gradient Tool තෝරන්න.
8
09) දැන් මම කරලා තියෙනවා වගේ, උඩ ඉඳලා පහලට ඉරක් ඇඳගන්න.
9
10) බලන්න ඔයාලටත් මේ වගේ දෙයක් ලැබුණද කියලා…
10
ඔන්න ඉතින් ඒකත් ඉවරයි අපි ඉක්මනින්ම ආයෙත් පාඩමකින් හමුවෙමු. Photoshop ගැන මොනව හරි ගැටළුවක් තියෙනවනම් අහන්න. මම කියන්නේ නෑ මම පට්ට Photoshop වැඩකාරයෙක් කියලා. හැබැයි මම ටිකක් ඒ ගැන දන්නවා. හරි මම ගිහින් එන්නම්.


මේ පාඩමේ PDF එක මෙතනින් ගන්න.
download_square

No comments: