Search This Blog

Content aware moving of objects in Photoshop CS6 (Photoshop පාඩම #7)

ඔන්න ඉතින් දැන් මම කියල දෙන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ඒ තමයි photo එකක තියෙන යම් දෙයක් ඒ photo එකේම තව තැනකට අරන්යන විදිහ. මේකට ක්‍රම කීපයක්ම තියෙනවා අපි ඒ දේවලුත් ඉදිරියේදී ඉගෙන ගමු.

01) වෙනදා වගේම ඔයාලා අදත් ඔයාලට අවශ්‍ය photo එක Photoshop වලට ගන්න. මම සූදානම් වෙන්නේ මේ photo 1කේ වම් පැත්තේ ඉන්න බැටළුවාව දකුණු පැත්තට අරන්යන්න.
1

02) දැන් මම  Content-Aware Move කියන Tool එක තෝරගන්නවා.
2

03) මට තැන වෙනස් කිරීමට අවශ්‍ය බැටලුවා වටේ ඉරක් ඇඳලා තෝරගන්නවා
3

04) පහත රූපයේ පරිදි Mode කියන තැන Move යන්න තෝරනවා.
4

05) දැන් මම තෝරාගන්නා ලද බැටලුවා මට අවශ්‍ය තැනට ගෙනියනවා.
5

06) Photoshop CS6 හිදී බැටලුවා මුලින් සිටි ස්ථානය ඉබේම හිස්තැන් ඉතිරි  නොවී   සම්පූර්න වෙනවා. අපි මේකට කියන්නේ content aware fill එකක් වෙනවා කියලයි. දැන් මම Ctrl + D කියන විදානය ලබා දීලා බැටලුවා වටා තියෙන තිත් ඉරි සලකුණ ඉවත්කර ගන්නවා.
6

07) මෙතනදී තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. 04 වන පියවරේදී මම Mode කියන තැන Move යන්න තෝරන්නේ නැතිව  Extend කියන එක තෝරලා බැටලවාගේ ස්ථානය වෙනස් කලානම් මට ලැබෙන්නේ පහත පරිදි ප්‍රථිපලයක්.
7

ඔන්න ඔයාලට කැමති විදිහට කරලා බලන්න පුලුවන්. මේ පාඩමත් ඉවරයි.

මේ පාඩම ඔයාලට PDF File එකක් විදිහට බාගන්න ඕනේනම් මෙතනින් ගන්න.
http://adfoc.us/19331035429159

No comments: