කොහොමද යාලුවනේ. ඔන්න මම තවත් අළුත් පාඩමක් අරන් ආවා. ඒ වගේම මම Blog එකත් පොඩි වෙනසක් කලා. හොඳයි නේද? මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ color effect එකක්. ඉතින් අපි දැන් ඒ පාඩමට යමු.
01) File => New වලට ගිහින් පහත සැකසුම් සහිත අලූත් වැඩපතක් හදාගන්න.
02) Edit => Fill වලට ගිහින් කළු වර්ණය තෝරලා OK කරන්න. Mode එක Multiply ලෙස තබන්න.
03) Filter => Render => Lens Flare තෝරන්න. පහත රූපයේ පරිදි effect එක හදාගන්න. Brightness එක 100% ලෙස සකස්කර OK කරන්න.
04) දැන් අවස්ථා කිහිපයක් 3 වෙනි පියවර සිදුකරන්න. හැබැයි ඒ හැම අවස්ථාවක්දීම මතක ඇතිව effect එකේ location එකයි, Brightness එකයි එකිනෙකට වෙනස්ව සකස්කරන්න. බලන්න මගේ රූපය දිහා
05) යතුරුපුවරුවේ Ctrl සමඟ J අකුර ඔබන්න. එවිට අප සකස්කරගත් රූපයේ layer එකේ copy එකක් සකස්කරගන්න පුලුවන්.
06) එසේ සකස්කර ගත් layer එකේ blending mode එක Screen ලෙස වෙනස් කරන්න.
07) Filter => Sketch => Bas Relief වෙත ගිහිල්ලා පහත පරිදි සැකසුම් සකස්කරගෙන OK කරන්න.
08) දැන් නැවතත් Background layer එක තෝරන්න.
09) Filter => Sketch => Chrome වෙත පිවිසිලා පහත විදිහට සකස්කරගෙන OK කරන්න.
10) දැන් නැවත ඉහලින් ඇති Layer එක තෝරලා එහි blending mode එක Color Burn ලෙස වෙනස් කරන්න.
11) අවසාන වශයෙන් Ctrl+U විදානය ලබාදෙන්න. පහත පරිදි වර්ණයන් වෙනස් කරගන්න. ඊට ප්‍රථම Colorize ඉදිරියේ “හරි” ලකුණ යෙදීමට අමතක කරන්න එපා. ඒ වගේම මෙතනදි ඔයාලා කැමති වර්ණයක් හදාගන්න පුලුවන්.
12) බලන්න මම හදාගත්ත color effect එක.
ඔන්න මම ගියා……
මේ පාඩමේ PDF එක ඕනෙනම් මෙතනින් ගන්න….
No comments:
Post a Comment