Search This Blog

How to use Perspective Crop Tool in Photoshop CS6 (Photoshop පාඩම #22)

ඔයාලා වෙනුවෙන් ඔන්න මම අදත් අළුත් පාඩමක් අරන් ආවා. අද කියල දෙන්න යන්නෙත් පොඩි පාඩමක් නමුත් මේකෙන් ගන්න පුලුවන් වැඩ ගොඩාක් තියෙනවා. ඔයාලා  දන්නවනෙ පර්යාවලෝකනය කියන එක. අපි ගොඩාක් වෙලාවට වෘත්තිය මටටමේ  ඡායාරූපකරනයේ යෙදෙනවනම් මේ පර්යාවලෝකනය කියන එකෙන් ගොඩක්  නිර්මාණශීලී  ඡායාරූප ගන්න පුලුවන්. මේ ගැන ඔයාලට ගොඩක් තේරුම් ගන්න පුලුවන් පහතින් මම උදාහරණයට අරන් තියෙන රූපය දැක්කාම. මම අද කතාකරන්න යන්නේ එහෙම  පර්යාවලෝකනය සහිත  ඡායාරූපයක කොටසක් සාමාන්‍ය ආකාරයට ගන්නෙ කොහොමද කියලයි. එහෙනම් ඉතින් අපි ඉක්මනින්ම පාඩමට යමු.

01) පහත පරිදි පර්යාවලෝකනය සහිත රූපයක් ගන්න.
1

02) අපි මුලින්ම බලමු  Crop Tool එකේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය කොහොමද කියලා ඔයාලත් පහත රූපයේ විදිහට Crop Tool එක තෝරාගන්න.
2

03) දැන් ඔයාලට කපාගන්න ඕනෙ ප්‍රදේශය සලකුණු කරගන්න.
3

04) හරි. දැන්  Commit button එක click කරලා වැඩේ ඉවරකරගන්න. ඔයාලට පුළුවන් Enter Button එක ඔබලත් මේ වැඩේ කරගන්න පුලුවන්.
4

05) ඔන්න බලන්න මට ඇවිත් තියෙන ප්‍රථිපලය. වැඩේ සාර්ථක නෑ වගේ නේ.
5 
 06) එහෙනම් අපි දැන් බලමු මේ කාර්යය හරියටම කරන්නෙ කොහොමද කියලා. දැන් ඔයාලා මුලින්ම ගත්ත රූපය නැවත ගන්න. නැත්නම් ඔයාලා දන්නවනේ ඔයාලා ආපු පියවරයන් ආපස්සට යන විදිහ. හරි ඒ විදිහට මුලටම යන්න. ඊට පස්සෙ ඔයාලා Perspective Crop Tool කියන Tool එක පහත රූපයේ පරිදි තෝරාගන්න.
6

07) දැන් ඔයාලා පහත පරිදි ඔයාලට කපාගන්න ඕනෙ කරන ප්‍රදේශය තෝරාගන්න.
7

08) Commit button එක click කරලා හරි Enter Button එක ඔබල හරි වැඩේ ඉවරකරගන්න.
8

09) බලන්න දැන් වැඩේ කොහොමද කියලා
9

ඔන්න මම ගියා…
මේ පාඩමේ PDF එක මෙතනින් ගන්න.
download_square

No comments: