Search This Blog

How to use History in Photoshop (Photoshop පාඩම #13)

ඔන්න මම තවත් අළුත් පාඩමක් අරන් ආවා. මේකත් Editing එකක් ගැන කියන පාඩමක් නෙවේ. මේක මූලික දේවල් කීපයක් කියලා දෙන පාඩමක්. හැබැයි මේක හරියට කරන්න. මොකද අපි ඉදිරියේදී ඉගෙනගන්න යනවා Photoshop භාවිතා කරලා animation හදාගන්න හැටි, ඉතින් ඒකට මේ පාඩම ගොඩාක් වැදගත්. ඒ දේවලට විතරක් නෙවේ ඔයාලට මේක ගොඩාක් පාවිච්චිකරන්න අවස්ථා එනවා..
01) Photoshop වල New Document එකක් හදාගන්න. ඔයාලා කැමති විදිහට උස හා පලල සකස්කරගන්න. මගේ සැකසුම් ටික මෙන්න.
1
02) දැන් මම මේක ඔයාලට පැහැදිලි වෙන විදිහට පියවර කීපයක් කරලා පෙන්වන්නම්. මම  මුලින්ම Brush Tool එක ගන්නම්. පහත රූපයේ විදිහට හරි යතුරුපුවරුවේ B අකුර ඔබල හරි මේ Tool එක ඔයාලට ගන්න පුලුවන්.
2
03)  රූපයේ පෙන්වා ඇති ස්ථානයේ click කර ඔබ කැමති වර්ණයක් foreground color එකට දාගන්න.
3
04) Mouse එක ආධාරයෙන් ඔබ කැමති දෙයක් ඇඳගන්න.
4
05) දැන් Foreground color එකට වෙන වර්ණයක් තෝරන්න.
5
06) නැවතත් ඔබ කැමති දෙයක් ඇඳගන්න.
6
07) Menu bar එකේ Edit => Undo Brush Tool තෝරන්න. එහෙම  නැත්නම්  යතුරුපුවරුවේ Ctrl + Z ඔබන්න.
7
08) ඔබ අවසානයට අඳින ලද රූපය ඉවත්වෙලා තියෙනවා ඔබට පෙනේවි.
8
09) ඔබට ඉහත ක්‍රියාවලිය දිගටම කරගෙන ආපස්සට යන්න ඕනෙනම්. Edit and => Step Backward තෝරන්න. යතුරුපුරුවේ Alt + Ctrl + Z භාවිතාකරලත් ඒ දේ කරන්න පුලුවන්. ඒ වගේම ඔබට නැවත ඉදිරියට යාමට,Step Forward භාවිතාකරන්න පුලුවන්.
9
10) ඊලඟ පියවරට යන්න කලින් ඔබ සිදුකල ක්‍රියාකාරකම් පසුපසට ගෙනගොස් හිස් document එකට එන්න. දැන් menu bar එකේ තියෙන Windows විවෘත කරගෙන History ඉදිරියේ හරි ලකුණක් දාගන්න.
10
11) දැන් ඔබට බලාගන්න පුලුවන් ඔබ විසින් සිදුකරන ලද කාර්යයන් History window එකේ සටහන් වෙලා තියෙන විදිහ.
11
12) ඒවා උඩ click කරලා ඔයාලට පුලුවන් ඔයාලාගේ නිර්මාණය නැවත ලබාගන්න.
12
13) සාමාන්‍යයෙන් Photoshop වල මේ විදිහට මතක තියාගන්නේ පියවර 20ක් විතරයි. අපි ඒ ප්‍රමාණය වැඩිකරගන්න එක ඉතාමත් වැදගත්. ඒ සඳහා Menu bar එකේ Edit =>  Preferences => Performance. තෝරලා History States ඉදිරියේ ඔබට අවශ්‍ය ගණන ලකුණු කරලා OK කරන්න. දැන් ඔබට පුලුවන් ඒ ප්‍රමාණයට පසුපසට හා ඉදිරියට යන්න.
13

මේ පාඩමේ PDF File එක මෙතනින් ගන්න.
download_square

No comments: