Photoshop වලින් Editing කරනකොට කරන්න තියෙන ලොකු දෙයක් තමයි අපිට අවශ්‍ය ඡායාරූප වලින් යම් යම් කොටස් තෝරගෙන කපාගන්න එක මම ඔයාලට ක්‍රම කිහිපයක්ම පසුගිය පාඩම් වලදී කියලා දුන්නා. ඔන්න ඉතින් මම අදත් කල්පනා කලා ඒ විදිහෙම පාඩමක් කරන්න. මේවා වැඩිපුර ඉගෙනගත්තා කියලා මොනවත් වෙන්නෙ නෑ ඒ නිසා අපි මේ පාඩමත් ඉගෙනගනිමු.
01) ඔයාලත් මේ වගේ රූපයක් ගන්න.
02) පහත රූපයේ පරිදි Quick Selection Tool එක තෝරන්න. නැතිනම් යතුරු පුවරුවේ W යතුර ආධාරයෙන් ඒ Tool එක ලබාගන්න.
03) ඔබ ලබාගත් Tool එකේ ප්‍රමාණය පහත පරිදි ඔබට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න.
04) දැන් ඔයාලා ක්‍රමක්‍රමයෙන් අධාල ප්‍රදේශය තෝරන්න පටන්ගන්න.
05) ඔහොම කරගෙන යනකොට ගොඩාක් වෙලාවට අපිට අවශ්‍ය ප්‍රදේශයෙන් පිටත්ට තිත් ඉරි යන්න පුලුවන්. පහත රූපය බලන්න.
06) ඒ උනාට ඔයාලා කලබල වෙන්න එපා. පහත රූපයේ විදිහට tool එක තෝරන්න.
07) දැන් ඉස්සර වෙලා කලා වගේම වැඩිපුර තේරුණු ප්‍රදේශය තුල click කරලා බලන්න මොකද වෙන්නේ කියලා.
08) Ctrl යතුරත් එකත් එක්ක + හා – කියන යතුරු භාවිතාකරලා ඔබේ රූපය ලොකු කුඩා කරමින් මේ වැඩේ හරියටම කරගන්න.
09) මෙන්න මේ වගේ තියෙන්න ඕනෙ.
10) ඔබට තවදුරටත් මේ රූපයේ පහත පරිදි අඩුපාඩුවක් දකින්න තිබුනොත් Add to selection කියන තැන click කරන්න.
11) මේ ආකාරයට හදාගන්න.
12) පහත ආකාරයට ප්‍රතිපලයක් ඇවිත් තියෙනවද?
13) දැන් පහත රූපයේ විදිහට හරි Alt+Ctrl+R හරි ඔබන්න.
14) පහත පරිදි සැකසුම් සකස්කරගන්න.
15) Layer > New > Layer via Copy හෝ යතුරු පුවරුවේ Ctrl+J ඔබා, ඔබ විසින් තෝරාගන්න ලද ප්‍රදේශයේ කොටස නව Layer එකක් සේ සකස්කරගන්න.
16) Layer pallet එකෙහි මුල් Layer එක මකා දැමීමෙන් පසුව හෝ සැඟවීමෙන් පසුව පහත පරිදි පෙනේවි.
ඔන්න ඉතින් ඒ වැඩෙත් ඉවරයි. ඊළඟ පාඩමෙන් හමුවෙමු….
මේ පාඩමේ PDF එක මෙතනින් ගන්න.
No comments:
Post a Comment