දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ Photoshop වල තියෙන guide lines කියන පහසුකම කොයි විදිහටද අපි ප්‍රයෝජනයට ගන්නේ කියලා. මේ පහසුකම නිර්මාණ කටයුතු වලදී අපිට 90% ක් විතර භාවිතා කරන්න වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම අපි ඉදිරියට ඉගෙනගන්න ඉන්න Photoshop භාවිතාකරලා web අඩවි සඳහා web පිටු නිර්මාණයේදී ඉතාමත් වැදගත් වෙනවා.
01) ඔයාලා කැමති රූපයක් photoshp වලට අරගෙන යතුරු පුවරුවේ V අකුර Press කරලා Move Tool තෝරාගන්න.
02) Photoshop වල guide lines ක්‍රියාත්මක කරන්න කලින් ඔයාලට Rulers කියන දේ ක්‍රියාත්මක කරගන්න ඕනේ ඒ සඳහා යතුරුපුවරුවේ Ctrl + R කියන විධානය ලබාදෙන්න. දැන් ඔයාලට පුලුවන් පහත රූපයේ විදිහට Snap කියන පහසුකම ක්‍රියාත්මක කරගෙන Snap to යටතේ තියෙන Guides කියන එක ඉදිරියේත් හරි ලකුණ යොදාගන්න.
03) ඊලඟට අපි සූදානම් වෙන්නේ හරස් අතට guide line එක දාගන්නයි. රූපයේ විදිහට හරස් අතට තියෙන Ruler එක උඩට Mouse එක අරන්යන්න.
04) දැන් mouse එකේ වම්පස button එක ඔබාගෙන අපගේ රූපය මතට guide line එක රැගෙන එන්න. (අපේ ඊළඟ කොටස් සඳහා අවශ්‍ය වෙන නිසා ඔයාලාගේ රූපයේ මැද හරියට වෙනකම් ගන්න)
05) දැන් තිරස් අතටත් ඒ වගේම කරන්න.
06) ඔන්න දැන් හරි, ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලගෙ රූපය කොටස් වලට බෙදිලා තියෙනවා.
07) අපි දැන් guide line භාවිතයෙන් මේ රූපයට සුදුපාට ඉරි කිහිපයක් අදිමු. මුලින්ම පහත පරිදි New Layer එකක් හදාගමු.
08) Rectangle Marque Tool එක තෝරන්න.
09) රූපයේ පරිදි ඒ කොටස තෝරාගන්න.
10) රූපය මත Right Click කර Stroke තෝරන්න.
11) පහත පරිදි සැකසුම් සකස්කරගෙන OK කරන්න.
12) ඔබ සකස්කරගත් සුදු පැහැති රේඛාව පහත දැක්වේ.
13) ඒ අයුරින්ම අනෙක් කොටස්වලත් සුදුපැහැ රේඛාවන් ඇඳගන්න.
14) අපි තව පොඩි අභ්‍යසයක් කරමු. දැන් තවත් New Layer එකක් ගන්න.
15) Rectangle Tool තෝරාගන්න.
16) ඒ වගේම ඉහලින් තියෙන Fill pixels තෝරන්න.
17) foreground color එක තෝරාගන්න.
18) ඔබ සකස්කරගත් කොටස් 4න් එක කොටසක අවශ්‍ය වර්ණය mouse එක ආදාරයෙන් පුරවාගන්න.
19) ඔබ එසේ වර්ණ ගැන්වූ Layer එක mouse ය භාවිතාකරලා සුදු පැහැති රේඛා සහිත Layer ය යටට ඇද දමන්න. එවිට ඔබට පෙනේවි සුදු ඉරිවල වැසුනු කොටස් මතුපිටට පැමිණිබව. මීළඟට රූපයේ ඉහල පරිදි Opacity නම් ස්ථානයේ අගය 20% ලෙස සකස්කරන්න.
20) අපි ලබාගත් guide line ටික දැන් අපි අයින්කරමු. අපි guide line ගත්ත ආකාරයටම ඒවාමත mouse එක තියලා ගත්ත පැත්තෙම තියෙන Ruler උඩට ඇදලා දාන්න.
21) ඔයාලා ගොඩාක් guide line අරන් තියෙනවා නම්, ඔයාලට පුලුවන් menu bar එකේ View => Clear Guides වෙත පිවිසිලා ඒ සියල්ල අයින්කරගන්න.
22) ඔයාලට මේ වගේ ප්‍රතිඵලයක් පෙනේවි. මේ විදිහට ඔයාලත් මොකක් හරි නිර්මාණයක් කරලා බලන්න. ඔන්න අපි ඊළඟ පාඩමේදී හමුවෙමු.
මේ පාඩමේ PDF File එක මෙතනින් ගන්න..
No comments:
Post a Comment