හරි.. ආයෙත් අළුත් පාඩමක් අරගෙන එන්නයි මම මේ සූදානම. ඒත් යාළුවනේ මම ටිකක් වෙනස් විදිහට පාඩම් කියලා දෙන්න ඕනෙ කියලා තීරණයක් ගත්තා. මගේ ගොඩාක් යාළුවෝ මගෙන් ඉල්ලීම් කරලා තිබුනා පුලුවන් තරම් පාඩම් සරල විදිහට සකස්කරලා දෙන්න කියලා. ඔන්න ඒ ඉල්ලීම පරිදි මම මේ පාඩම් මාලාව තවටිකක් විතර සරල කරලා කරගෙන යනවා.
ම්ම්ම්.. ඔන්න මම ඉතින් අද කියලා දෙන්න යන්නේ photoshop cs6 භාවිතාකරලා Image 2ක් එකතුකරගන්න විදිහ. මේක ගොඩාක් සරල දෙයක්. විශේෂයෙන්ම මේක වැදගත් වෙන්නේ photoshop නොදන්න ඒත් ඉගෙනගන්න හදන අපේ යාලුවන්ටයි.
01) ඔයාලා මුලින්ම තෝරාගන්නා ලද photos 2න් ප්‍රදාන photo 1ක photoshop මත විවෘත කරගන්න.
02) දැන් File යටතේ තියෙන Place… විදානය ලබාදෙන්න.
03) ඉන්පසුව ඔයාලාගේ අනෙක් ඡායාරූපය තෝරගෙන Place. විදානය ලබාදෙන්න.
04) දැන් ඔයාලට පුලුවන් ඒ ආපු photo එක ඔයාලට අවශ්‍ය තරම් ලොකු කුඩා කරගෙන අවශ්‍ය ස්ථානයක තබන්න.
05) Commit transform කියන තැන හරි Enter button එක හරි press කරලා ඒ වැඩේ අවසන් කරගන්න.
06) දැන් Layer Pallet එකේ තියෙන Add layer mask කියන තැන click කරලා layer mask එකක් හදාගන්න.
07) Gradient Tool (G) එක තෝරාගන්න.
08) යතුරුපුවරුවේ D අකුර press කරලා කළු හා සුදු සහිත Gradient Pattern එක තෝරාගන්න. ඒ වගේම පහත රූපයේ පරිදි Gradient style එකත් තෝරාගන්න.
09) අවසාන පියවර ලෙස, ඔබට අවශ්‍ය ප්‍රමාණයට Image එක මත Gradient layer mask එක ඇඳගන්න.
10) බලන්න දැන් ඔයාලටත් මේ වගෙ Result එකක් ඇවිල්ලද කියලා.
හරිද?
මේ පාඩම ඔයාලට PDF File එකක් විදිහට බාගන්න ඕනේනම් මෙතනින් ගන්න.

No comments:
Post a Comment