ඔන්න යාලූවනේ මම ආයෙත් පාඩමක් අරන් ඔයාලා හමු වෙන්න ආවා. මේකත් Photoshop භාවිතා කරලා Image වලට කරන්න පුළුවන් Color effect එකක් ගැන පාඩමක්. මේක අවසානයේ අපිට පුලුවන් හවස්කාලයේ වගේ වර්ණ පරාසයක් සහිත Image එකක් හදාගන්න. ඒ වගේම මගේ යාළුවන් මතක තියාගන්න මම මේ වගේ සිදුකරන සංඛ්‍යාත්මක වෙනස් කිරීම් බොහෝ වෙලාවට ඔයාලා ගන්න Image එකට හරියටම හරියන්නේ නැතිවෙන්න පුලුවන් ඒ නිසා ඔයාලා ඒ අගයන් ටිකක් එහා මෙහා කරලා බලන්න ඔයාලට නියම ප්‍රථිපලයක් ගන්න පුලුවන්. අපි දැන් පාඩමට හැරෙමු…
01) ඔයාල තෝරාගත් Image එක Photoshop මතට ගන්න.
02) ඔයාලා දැන් දන්නවනේ Image එකක් කළු/සුදු කරගන්න විදිහ. Image => Adjustments => Desaturate වෙත ගිහින් ඒ දේ කරගන්න.
03) දැන් Layer => New Fill Layer => Solid Color තෝරන්න.
04) පහත පරිදි එන සංවාද තීරයේ කිසිදු වෙනසක් නොකර OK කරන්න.
05) පහත පරිදි color code එක සටහන් කරන තැන D58925 සටහන් කර OK කරන්න.
06) blending mode එක Color Burn ලෙස සකස්කරන්න.
07) දැන් ඔයාලා background layer එක තෝරලා menu bar එකේ Layer => New Adjustment Layer => Levels. තෝරන්න. පහත පරිදි ඔයාලට ගැලපෙන විදිහට සැකසුම් සකස් කරගෙන OK කරන්න.
08) වැඩේ හරි…
ගිහින් එන්නම්…..මේ පාඩමේ PDF එක මෙතනින්…
No comments:
Post a Comment