Search This Blog

Rainbow Background in Photoshop (Photoshop පාඩම #28)

ඔන්න ඉතින් මම ආයෙත් පාඩමක් අරන් ආව. හැමදාම අහනව වගේ අදත් මුලින්ම අහන්නේ ඔයාලට කොහොමද? හොඳින් ඉන්නවා නේද? කියලයි. මම නම් ඉතින් මේ දවස්වල ටිකක් කාර්‍යබහුල ජීවිතයක් තමයි ගතකරකරන්නේ. ඔයාලා පිලිගනීද දන්නේ නෑ මම මාස ගානකින් ගෙදර ගියෙත් නෑ. අම්මා හැමදාම call කලාම අහන්නේ කවදද ගෙදර ඇවිත් යන්නේ කියලා. මොනව කරන්නද මේ රැකියාවේ හැටි ඔහොම තමයි කියලා යන්තම් බේරෙනවා. ඔයාලා හිතනවා ඇති මම අම්මට බොරුවක් කිව්වා කියලා නේ? නෑ ඇත්ත තමයි. මේක තමයි හැටි. හැබැයි මම මේ රැකියාවට ගොඩාක් ආදරෙයි. හරි මම ගැන කථාකලා ඇති ඔන්න මම පාඩමට ගියා.

01) ඔයාලත් මම වගේ new document එකක් සාදාගන්න.
ScreenHunter_38 Dec. 07 11.51

02) යතුරු පුවරුවේ D අකුර ඔබලා Foreground සහ Background වර්ණයන් කලූ හා සුදු  ලෙස වෙනස් කරගන්න.
ScreenHunter_39 Dec. 07 11.51

03) Filter => Render => Fibres තෝරන්න. පහත පරිදි සැකසුම් සකස්කරගෙන OK  කරන්න.
ScreenHunter_39 Dec. 07 11.52

04) ප්‍රථිපලය මේ වගේ පෙනෙයි.
ScreenHunter_39 Dec. 07 11.53

05) දැන් Filter => Blur => Motion Blur වෙත යන්න. පහත පරිදි සැකසුම් වෙනස් කරලා OK කරන්න.
ScreenHunter_39 Dec. 07 11.55

06) පහත රූපයේ පරිදි Create new fill or adjustment layer කියන තැන click කරලා Gradient fill තෝරන්න.
ScreenHunter_40 Dec. 07 11.55

07) දැන් ඔයාලට පේන dialog box එකෙහි පහත රූපයේ පරිදි click කරන්න.
ScreenHunter_40 Dec. 07 11.56

08) Spectrum කියන Gradient pattern එක තෝරන්න OK කරන්න. ඔයාලට ඕනෙනම් මෙතනදී මේ වර්ණ පරාසයන් වෙනස් කරගන්න.
ScreenHunter_40 Dec. 07 11.57

09) දැන් පහත රූපයේ විදිහට සකස් කරලා OK කරන්න.
ScreenHunter_40 Dec. 07 11.58

10) අපි සාදාගත් Gradient fill කියන layer එකෙහි layer type එක Overlay ලෙස වෙනස් කරන්න.
ScreenHunter_40 Dec. 07 11.59

11) වැඩේ හරිද? බලන්න මම හදපු එක…
ScreenHunter_41 Dec. 07 11.59

ඔන්න එහෙනම් මට යන්න අවසරයි…..

මේ පාඩමේ PDF එක මෙතනින් ගන්න….
download_square

No comments: