ඔන්න අපි තවත් වැඩක් දෙන්නයි යන්නේ කථා අඩුකරලා අපි වැඩේට බහිමු නේද? එහෙම කිව්වේ මම සාමාන්‍යයෙන් කථාකරන කෙනෙක් නෙවේ. හැබයි කතාකරන්න පටන් ගත්තොත් නවත්වන්න නම් ටිකක් අමාරුයි. මගේ කොල්ලෝ ටිකනම් ඒක දන්නවා. හරි මෙන්න වැඩේ පටන්ගත්තා.
01) හරි… ඔයාලට Screen එකට දාගන්න අවශ්‍ය Photo එක photoshop මතට ගන්න. එහෙමත් නැතිනම් ඔයාලට ඕනේනම් ඔයාලගේ පරිඝණකයේ screen එක උනත් දාගන්න පුලුවන්. ඔයාලා දන්නවා ඇති Print Screen button එක press කරලා ගන්න හැටි. ඒ වගේම Alt button එක press කරගෙනම Print Screen button එක press කලාම ඒ අවස්ථාවේ ඔබේ පරිඝණකයේ ක්‍රියාකාරී වී තිබෙන window වේ රූපසටහන ලබාගත හැක.
02) දැන් photoshop හි File => New වෙත හෝ Ctrl + N යන විදානය ලබා දී පහත රූපයේ පරිදි සැකසුම් සකස්කර OK කර New document එකක් සාදාගන්න.
03) දැන් ඔබ Edit => Paste වෙත ගොස් ඔබේ Screen shot එක දාගන්න. දැන් ඔබේ යතුරු පුවරුවේ M අකුර ඔබා හෝ වම්පස ඇති Tool box හි Rectangular Marquee Tool තෝරාගන්න.
04) දැන් ඔයාලට පුලුවන් අපි තෝරගත්ත tool එක භාවිතාකරල ලබාගත් screen shot එකේ අපට අවශ්‍ය ටික තෝරාගන්න. ඊළඟට Menu bar එකේ Edit => Copy විධානය දෙන්න.
05) දැන් Computer screen එකක හරි TV screen එකක හරි Image එකක් Photoshop මතට ගන්න.
06) ඊලඟට Edit => Paste විධානය ලබාදෙන්න. එතකොට 04 පියවරේදී ඔබ සකස්කරගත් Screen shot එක ලැබේවි. ඔබ ඒ පියවරයන් අත්හැර පරිඝණකයේ ඇති Image එකක් භාවිතා කරනවනම් එම රූපය ඔබ Open කරගත් රූපය මතට දාගන්න. පසුව Ctrl + T විධානය ලබා දෙන්න.
07) දැන් Ctrl button එක තදකරගෙනම Screen shot එකේ වම්පස ඉහල කෙළවර රූපයේ පරිදි ස්ථාන ගත කරන්න.
08) දැන් ඒවගේම වම්පස පහල කෙලවර.
09) ඊලඟට දකුණුපස පහල කෙලවර.
10) අවසාන වශයෙන් දකුණුපස ඉහල කෙලවර.
11) හරි, දැන් Enter button එක හරි Commit transform (Return) කියන තැන හරි Press කරලා රූපයේ හැඩය වෙනස් කිරීම ස්ථිර කරන්න.
12) නෑ, නෑ, තාම වැඩේ ඉවර නෑ. මේකේ තව ටිකක් තියෙනවා හදන්න. නැතුව දැම්මම මේක කවුරු හරි දැක්කොත් කියයි මේක හදපු එකක් කියලා. ඒ නිසා මේ ටිකත් කරන්න.
13) Menu bar එකේ Layer => Layer Style => Inner Glow වෙත ගිහින් Open වෙන Dialog Box එකේ පහත පරිදි සැකසුම් සකස්කරගෙන OK කරන්න.
14) දැන් හරි.

No comments:
Post a Comment