Search This Blog

Create picture inside of a picture using Photoshop (Photoshop පාඩම #14)

ඔන්න 14 වෙනි පාඩමේ දී මම කියලා දෙන්න යන්න හදන්නේ අපි අපේ Photo එකක Background එකට කොහොමද විශේෂ Effect එකක් දාලා ලස්සන කරගන්නේ කියලයි.
01) ඔබට මේ Effect එක දාන්න ඕනේ Photo එක Photoshop මතට ගන්න.

1
02) පහත රූපයේ විදිහට Rectangular Marquee Tool එක තෝරන්න. නැතිනම් යතුරු පුවරුවේ M ඔබන්න.
2
03) ඔබට Frame එක දාන්න අවශ්‍ය කරන කොටස වටේට පහත පරිදි selection එකක් දාගන්න.
3
04) menu bar එකේ Select යටතේ තියෙන Transform Selection තෝරන්න. දැන් පහත රූපයේ පරිදි selection එක පොඩ්ඩක් හරවලා යතුරුපුවරුවේ Enter button එක ඔබන්න.
4
05) දැන් Menu bar එකේ Layer => Duplicate Layer තෝරන්න. ඔබට Layer window එක මත ඔබ තෝරන ලද කොටස සහිත නව layer එකක් දක්නට ලැබේවි.
5
06) Menu bar එකේ Layer => Layer Style => Stroke වෙත පිවිසිලා පැමිණෙන සංවාද කොටුවේ පහත රූපසටහන පරිදි සැකසුම් හදාගෙන OK කරන්න.
6
07) දැන් පහත රූපසටහන පරිදි ඔබ මුලින්ම ලබාගත් රූපය සහිත Layer එක තෝරන්න.
7
08) menu bar එකේ  Filter => Blur => Radial  Blur තෝරන්න. පැමිණෙන සංවාද කොටුවේ පහත රූපසටහන පරිදි සැකසුම් හදාගෙන OK කරන්න.
8
09) අපි දැන් අපේ නිර්මාණය කරලා ඉවරයි.
9
10) බලන්න ලොකු කරලා බලනකොට මෙහෙම තියෙන්න ඕනේ. මෙතනදී ඔයාලා උත්සාහ  කරන්න මම ලබාදීපු වර්ණය හා අනෙකුත් සැකසුම් වෙනස් කරලා ඔයාලට එන ප්‍රතිඵලය  කොහොමද කියලා. 
10

ඔන්න අපි ගියා….
මේ පාඩමේ PDF File එක මෙතනින් ගන්න.
download_square

No comments: