ආ…. තව දෙයක් කියන්න තියෙනවා, මට හිතාගන්න බෑ කවුරු හරි කෙනෙක් මොකක් හරි හොඳ දෙයක් කරනකොට ඇයි ඒකට මිනිස්සු අකුල් හෙලන්නේ කියලා. මම එහෙම කිව්වේ ඇයි කියලා ඔයාලා හිතනවා ඇති ඒකට හේතුව තමයි, තාම මේ Blog එකේ Post 5ක් විතරයි පලවෙලා තියෙන්නේ ඒත් මගේ අඩුපාඩු කියලා (මට බැනලා) e-mail නම් ගොඩාක් එනවා. මම අද ඔයාලගෙන් 1ක දෙයක් ඉල්ලනවා. මට e-mail කරන්නේ නැතිව ඔයාලට කියන්න තියෙන දේ Comment කරන්න කියලා. එතකොට ඒ දේවල් අනෙක් අයත් දැන ගන්නවනේ.
හරි, ඒ කතාව එතනින් ඉවරයි අපි යමු අද පාඩමට…………
01) සුදු පැහැති New Document එකක් සාදාගන්න. Rectangle Tool එක තෝරාගන්න.
02) පහත රූපයේ පරිදි Shape Option එක තෝරන්න.
03) පහත පරිදි රූපයක් ඇඳගන්න.
04) එහි වර්ණය වෙනස් කරන්න.
05) දැන් අපි කළු පැහැති රේඛාවක් එම රූපය වටා සකස්කරගමු.
06) ඇඳගත් රේඛාවන්ගේ ප්‍රමාණය වෙනස් කරගන්න.
07) එහි Type එක වෙනස් කරගමු.
08) මේ Style එක තෝරන්න.
09) More Options තෝරන්න.
10) පහත රූපයේ පරිදි Align යන ස්ථානය Center ලෙස සකස්කරගන්න.
11) ඒ වගේම Corners ස්ථානය Round ලෙස සකස්කරගන්න.
12) OK කරලා බලන්න මේ වගේ තියෙනවද කියලා.
හරි නේ? මම මේ වගේ දෙවල් කියලා දුන්නාම ඔයාලා මේ තියෙන විදිහටම 1ක පාරක් කරලා ඊළඟට ඔයාලගෙ Photo එකකට Frame එකක් වගේ මේ විදිහට හදාගෙන බලන්න කොහොමද කියලා.
මේ පාඩම ඔයාලට PDF File එකක් විදිහට බාගන්න ඕනේනම් මෙතනින් ගන්න.

No comments:
Post a Comment