Search This Blog

Create a selection using Quick Mask in Photoshop (Photoshop පාඩම #15)

යාළුවනේ ඔයාලට මතකද මම Pen tool එක ගැන පාඩමක් කලා. ඒකේදි මම කිව්වනේ අපිට රූපයක තියෙන යම්කිසි කොටසක් තෝරාගන්න ඕනෙනම් ඒකට ක්‍රම කීපයක්ම තියෙනවා කියලා අපි අද ඒ ක්‍රමවලින් තවත් එකක් ඉගෙනගනිමු.

01) පහත පරිදි ඔබ කැමති ඦායාරූපයක් Photoshop මතට ගන්න.
1
02) රූපයේ පරිදි  Edit in Quick Mask Mode තෝරන්න. නැතිනම් Keyboard එකේ Q ඔබන්න.
2
03)  Brush Tool එක තෝරන්න.
3
04) රූපය උඩ  right click කර brush එකේ ප්‍රමාණය වෙනස් කරගන්න.
4
05)  brush එකට කළු වර්ණය දාගෙන ඔබට තෝරාගැනීමට අවශ්‍ය කරන රූපය පාටකරන්න.
5
06)  යම් අවස්ථාවල දී ඔබට Brush එක අවශ්‍ය ප්‍රමාණයට ලොකු කුඩා කරගැනීමට 04 වෙනි පියවර අනුගමනය කරන්න. ඒ වගේම ඔයාලට පුලුවන් Ctrl යතුර සමඟ + හා – යන  යතුරු එබීමෙන් රූපය ලොකු කුඩා කරගන්න පුලුවන්. Brush එක ලොකු කුඩා කරගන්නත් [ හා ] යන යතුරු පාවිච්චි කරන්න. මෙහෙම කරගෙන යනකොට බැරිවෙලාවත් පොඩ්ඩක් හරි වර්ණ ගැන්වීම එලියට පැන්නොත් කලබල නොවී X අකුර ඔබල foreground color එක සුදු පාට දාලා එලියට පැනපු වර්ණය මකාගෙන නැවත කළු පාට තෝරලා ඔබේ වැඩේ ඉදිරියට කරගෙන යන්න.
6
07) ඒ වැඩේ ඉවරඋනාම 02 පියවරේදී කරපු ක්‍රියාවලියම කරන්න ඕනෙ. ඒ කියන්නේ යතුරු  පුවරුවේ Q අකුර හෝ  Edit In Standard Mode කියන තැන හෝ click කරන්න.
7
08)  Quick Mask Mode එකෙන් රූපයක තියෙන කොටසක් තෝරාගැනීමේ අවසන් අවස්ථාවට අපි ඇවිත් ඉන්නේ ඒ දේ කියලා දෙන්න කලින් බලන්න මේ වගේ දෙයක් ඔයාලගෙ රූපයට වෙලා තියනවද කියලා.
8
09) ඔවු නේ? හරි. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපිට අනවශ්‍ය ටික තමයි select වෙලා  තියෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ menu bar එකේ Select => Inverse කියන විදානය හරි, යතුරුපුවරුවේ Shift + Ctrl + I කියන යතුරු 3ම එකට ඔබපුවාම පහත පරිදි දෙයක් වෙයි. දැන් ඔබට පුලුවන් මේ රූපය copy කරන්න cut කරන්න වගේ තව ගොඩාක් දේවල් කරන්න.
9
ඔන්න ඒ පාඩමත් ඉවරයි.
මේ පාඩමේ PDF එක මෙතනින් ගන්න.
download_square

No comments: