01) ඔයාලා කැමති මොකක් හරි Photoshop එකට දාගන්න.
02) menu බාර් එකේ Filter => Blur => Gaussian Blur. . . වෙත යන්න.
ඔයාලට හිතෙන blur Radius එකක් දීලා OK click කරන්න.
03) ඔයාලට මේ වගේ Picture එකක් ලැබේවි.
04) දැන් Menu එකේ Window click කරල History තෝරන්න. ඔයාලගෙ History window එක open වෙලා තියෙනවනම් එහෙම කරන්න ඕනෙ නෑ. බලන්න History window එකේ උඩින්ම තියෙන එක click කලාම ඔයාලට බලාගන්න පුලුවන් මුලින්ම අපි ගත්ත Image එක.
05) හරි, දැන් ඔන්න මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි මේ Filter එකට shortcut එක දාගන්නේ කියලා. දැන් ඔයාලා menu bar එකේ Edit => Keyboard Shortcuts තෝරලා ඒකේ තියෙන Filter open කරගන්න.
06) Gaussian Blur තෝරන්න.
07) දැන් ඒ ඉදිරියේ තියෙන shortcut හිස් field එකේ click කරලා CTRL button එකත් එක්ක ඔයාලට කැමති Key එකක් Press කරන්න. මම CTRL එක්ක Q තේරුවා.
08) සමහර වෙලාවට ඔයාලා තෝරපු shortcut එක මේවන කොටත් දාලා තියෙනවනම් ඒ පිලිබඳව ඔයාලට පණිවිඩයක් එයි. ඔයාලට පරණ shortcut එක ඕනෙ නැත්නම් Accept and Go To Conflict තෝරලා ඉදිරියට යන්න. නැතිනම් Undo Changes තෝරලා අලුත් shortcut එකක් තෝරන්න.
09) දැන් ඔයාලා සකස්කර ගත්ත shortcut එක ක්‍රියාත්මක කරලා බලන්න.
10) ඔයාලට ඔය විදිහට අනෙක් ක්‍රියාකාරකම් වලටත් shortcut දාගන්න පුලුවන්. යම්කිසි දවසක ඔයාලට ඒ shortcut අයින් කරන්න ඕනෙනම්. Menu bar එකේ Edit => Keyboard Shortcuts වලට ගිහින් Photoshop Defaults තෝරලා OK කලාම හරි.
ඊලඟ ලිපියෙන් හමුවෙමු…….
මේ පාඩම ඔයාලට PDF File එකක් විදිහට බාගන්න ඕනේනම් මෙතනින් ගන්න.

No comments:
Post a Comment