Search This Blog

Image resize in Photoshop (Photoshop පාඩම #24)

ඔන්න ඉතින් අපි ආයෙත් සැරයක් පාඩමකින් හමු උනා දැන් මම කියල දෙන්න යන්නේ ඉතාමත් පුංචි කරුණක් නමුත් මේක අපිට නිතරම භාවිතාකරන්න වෙන දෙයක්. සමහර වෙලාවට ඔයාලාගේ පරිඝණකයේ තියෙන Image එකක් internet එකට upload කරන්න ගිහාම size එක වැඩි කියල කියනවා. එහෙම නැත්තම් ගොඩක් වෙලාව ගත වෙනවා. ඉතින් අද අපි ඉගෙන ගන්නේ කොහොමද photoshop භාවිතාකරලා Image එකක size එක අඩුකරගන්නේ කියලා.

01) ඔබේ පරිඝණකයේ තැම්පත් කර ඇති ඡායාරූපය උඩට Mouse pointer එක රැගෙන ගිහින් ටිකක් වෙලා තියාගෙන ඉන්නකොට ඔබට ඒ ඡායාරූපයේ ප්‍රමාණය බලාගන්න පුළුවන්. මම මේ ක්‍රියාකාරකමට ගන්න ඡායාරූපය පහත රූපයේ තියෙනවා බලන්න මුලින්ම ඒකෙ තියෙන ප්‍රමාණය.
ScreenHunter_15 Dec. 02 16.54

02) මේක බලන්න තව ක්‍රමයක් තියෙනවා රූපය උඩ right click කරලා Properties තෝරන්න.
ScreenHunter_15 Dec. 02 16.55

03) Details කියන tab එක තෝරපුවාම පහත පරිදි බලාගන්න පුළුවන්.
ScreenHunter_16 Dec. 02 16.55

04) හරි අපි දැන් මේ රූපයේ ප්‍රමාණය වෙනස් කරමු. මුලින්ම අපි මේ රූපය photoshop මතට ගන්න. පසුව Image => Image Size හෝ එහෙම නැත්නම් යතුරු පුවරුවේ Alt + Ctrl + I කියන විධානය ලබාදෙන්න.
ScreenHunter_17 Dec. 02 16.55

05) දැන් බලන්න අපි 01, 02, 03 කියන පියවර වලදී බලාගත්ත අපේ රූපයේ 3879 x 2570 ප්‍රමාණය බලාගන්න පුලුවන්.
ScreenHunter_17 Dec. 02 16.56

06) දැන් මම මේතන Width කියන එක ඉදිරියේ තියෙන 3879 අගය 1024 ලෙස වෙනස් කරනවා. බලන්න අනෙක් අගයනුත් වෙනස් වෙන හැටි.
ScreenHunter_18 Dec. 02 16.57

07) දැන් පහත රූපයේ පරිදි Scale Styles, Constraint Proportions හා Resample Image කියන තැන් ඉදිරියේ හරි ලකුණු යොදන්න. පහතින් මා පෙන්වා ඇති ස්ථානයේ Bicubic Sharper (best for Reduction) ලෙස සකස්කරන්න. OK කරන්න.
ScreenHunter_17 Dec. 02 16.57

08) මම දැන් අලුත් නමකින් මේ සකස්කරගත් රූපය Save කරගන්නයි සූදානම් වෙන්නේ. ඒ සඳහා File => Save As එහෙම නැත්නම් Shift + Ctrl + S කියන විධානය ලබාදෙන්න.
ScreenHunter_19 Dec. 02 16.57

09) අළුත් නමක් දීලා Save විධානය ලබා දෙන්න.
ScreenHunter_19 Dec. 02 16.58

10) දැන් ඔන්න තවත් Dialog box එකක් ආවා. අපිට එතනිනුත් තව ටිකක් ප්‍රමාණය අඩු කරගන්න පුලුවන්. මෙතන එච්ච්රම අඩුකරන්න එපා ඔන්න මම එතන 8 විදිහට තියලා OK කරනවා.
ScreenHunter_20 Dec. 02 16.58

11) වැඩේ ඉවරයි. දැන් අපි හදාගත්ත රූපයේත් ප්‍රමාණය මුලින්ම බැලුවා වගේ බලමු.
ScreenHunter_20 Dec. 02 16.59

මේ ඇති මෙන්න මම ගියා…..

මේ පාඩමේ PDF එක මෙතනින් ගන්න…
download_square

No comments: