මුලින්ම 1000x500 pixel ප්‍රමාණයේ සුදුපාට පසුබිම් වර්ණය සහිත වැඩපතක් හදාගන්න.
හරි දැන් ඔයාලා තෝරගත්ත Image එක මේ වැඩපත මතට දාගන්න.
ඔන්න ඊට පස්සේ Text tool එක අරගෙන ඔයාලට අවශ්‍ය කරන ප්‍රමාණයට අවශ්‍ය කරන වචනය ලියාගන්න. Text color එක කලු පාටින් තියන්න. ඒ වගේම මතක තියාගන්න, ඔයාලා පාවිච්චිකරන Font එක ටිකක් ඝණකම වැඩි එකක් වුනොත් හොඳයි. මම පාවිච්චි කලේ Arial Black කියන Font එක.
හරි ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නේ. ඉස්සර වෙලාම ඔයාලාගේ Text layer එකෙ Opacity එක 0% කරගෙන පහත සඳහන් Blending option ටික සකස්කරන්න.
නියමයි, දැන් බලන්න ඔයාලට ඇවිත් තියෙන දේ.
කොහොමද වැඩේ අල්ලගත්තනෙ… ඔන්න මම කරපු තව Creation කීපයක් තමයි මේ තියෙන්නේ….
මේ තියෙන්නේ Stroke option එකේදී Color code එක වෙනස් කරල කරපු දෙයක්.
ඔයාලත් උත්සහාකරල බලන්න.
මේ පාඩම ඔයාලට PDF File එකක් විදිහට බාගන්න ඕනේනම් මෙතනින් ගන්න.

No comments:
Post a Comment