ඉතින් ඔන්න මම තවත් පාඩමක් අරන් ඔයාලා බලන්න ආවා. මම කලින් කිව්වා වගේ දැන් අපි ටිකෙන් ටික advance විදිහට පාඩම් ඉගෙන ගන්නවනේ ඔන්න මම අද අරන් ආවේ ටිකක් වෙනස් පාඩමක්. අපි දිගටම Image වලට effect දාන්න පුරුදු උනානේ. ඉතින් මම තීරණය කලා අද ඔයාලට නියම text effect එකක් දාන විදිහ කියලා දෙන්න. මට තියෙන කාලය අඩු නිසා අපි ඉක්මනින්ම පාඩමට යමු.
01) හරි ඉතින් කට්ටිය පහත පරිදි සැකසුම් සකස්කරගෙන new document එකක් සකස්කරගන්නකෝ.
02) යතුරු පුවරුවේ D අකුර press කරන්න. ඔයාලා දැන් දන්නවනේ ඒකෙන් වෙන්නේ මොකක්ද කියලා. හරි දැන් menu bar එකේ Filter => Sketch => Halftone Pattern වෙත යන්න. පහත රූපයේ විදිහට සැකසුම් සාදාගන්න. මේ ප්‍රමාණයම අවශ්‍ය නෑ. ඔයාලා ඕනේ විදිහට වෙනස් කර කර බලල OK කරන්න.
03) මේ වගේ එකක් ආවා නේද?
04) පහත රූපයේ පරිදි ඔබ සකස්කරගත් වෘත්ත සහිත රුපය මත Right click කරලා Duplicate Layer කියන විදානය ලබාදෙන්න. එතකොට ඒ වගේම තවත් layer එකක් එයි.
05) දැන් Image => Adjustments => Invert තෝරන්න. එහෙමත් නැත්නම් යතුරු පුවරුවේ Ctrl+I විධානය ලබාදෙන්න.
06) Horizontal Type Tool එක තෝරන්න. පහත රූපයේ පරිදි නැත්නම්, යතුරුපුවරුවේ T අකුර ඔබන්න.
07) ඔබට අවශ්‍ය වචනය type කරන්න.
08) Confirm button එක click කරන්න.
09) දැන් පහත රූපයේ පරිදි ඔබ සකස්කරගත් Text layer එක අනෙක් layer දෙක අතරට ඇද දමන්න.
10) රූපයේ විදිහට ඉහලින් ඇති layar එක මත right – click කර Create Clipping Mask විධානය ලබාදෙන්න.
11) බලන්න මගේ රූපය මොන වගේද කියලා. ඔයාලගෙත් මේ වගේ දෙයක් ඇවිත් ඇති.
ඊලඟ පාඩමෙන් හමුවෙමු…..
මේ පාඩමේ PDF එක ගන්න.
No comments:
Post a Comment