දැන් ගොඩාක් රෑවෙලා නිදාගන්නත් ඕනේ දැන් තමයි වැඩටික ඉවර වෙලා කාමරේට ආවේ. ඈ.. මොකෝ හිතන්නේ මෙච්චර රෑ වෙනකම් මොනවද කලේ කියලද හිතන්නේ.. හ්ම්ම්ම්ම්.. මම ගැන ඔයාලට තාම කියලා නෑනේ. දන්න අයත් ඉන්නවා කමක් නෑ පස්සෙම කියන්නම්. මම අද නම් පුංචි දෙයක් කියලා දීලා නිදාගන්නවා හොඳේ…. අද මම කියන්න යන්නෙ කොහොමද photo එකක වැඩි හරිය කපලා දාන්නේ කියලයි.
01) ඔයාලට කපන්න ඕනෙ photo එක Photoshop මතට ගන්න. මම පට්ට ආස දේ තමයි Off road riding ඒ නිසා ඔන්න මම ඒ හා සම්බන්ද photo එකක්ම ගත්තා. ආ… කියන්න අමතක උනා මම පදින්නෙත් Honda XLR එකක්…. පට්ට නේ. වෙලාවක ඒකේ photo එකකුත් මම edit කරලා පෙන්නන්නම්කො.
02) දැන් රූපයේ පරිදි Crop Tool එක තෝරාගන්න.
03) දැන් රූපය උඩ කොටුවක් ඇඳගන්න. මම විශේෂයෙන් ප්‍රමාණයක් නැති නිසා මම මට අවශ්‍ය ප්‍රමාණයට ඒ කොටුව ඇඳගන්නවා.
04) පහත රූපයේ පරිදි ඔයාලට පුලුවන් ඒ කොටුව ලොකු කුඩා කරගන්න. ඊට පස්සේ enter යතුර ඔබන්න.
05) හිතන්න එපා මූ 18 වෙනි පාඩමේදී පට්ට බොරුවක් කලා කියලා. මේකයි යාළුවනේ මම මේ Blog එක ලියන්නෙ photoshop ඉගෙනගන්න අයට මිසක් Photoshop පකීර්ලා කියන අයට නෙවෙ… හරි.. හරි.. බලන්න මේ වගේ දෙයක් උනාද කියලා.
ඔන්න මම නිදාගන්න යනවා….
ඔයාලට ඕනෙ නම් PDF එක මෙතනින් ගන්න.
No comments:
Post a Comment