අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Image editing කියන කාණ්ඩයට වැටෙන පාඩමක් මේක ඉතාමත් සරල පාඩමක්. ඔයාලත් උත්සහකරල බලන්න. ඔයාලා ලඟ තියෙන image එකකට කොහොමද දේදුන්නක් එකතු කරන්නේ කියලා.
01) මේ කාර්ය සඳහා සුදුසු ආකාරයේ රූපයක් ගන්න. බලන්න මම තෝරගත්ත එක.
02) නව layer එකක් සකස්කර ගන්න.
03) Gradient tool එක, එහෙමත් නැතිනම් යතුරුපුවරුවේ T අකුර ඔබන්න.
04) Radial gradient තෝරන්න.
05) පහත පරිදි gradient pattern එක තෝරාගැනීම සඳහා click කරන්න.
06) පහත රූපයේ පරිදි click කරන්න.
07) Special Effects තෝරන්න.
08) OK කරන්න.
09) Russell's Rainbow කියන gradient pattern එක තෝරන්න.
10) මතක තියාගන්න මෙතන මේ විදිහට සැකසුම් තියෙන්න ඕනෙ.
11) මම කරලා තියෙන විදිහට gradient එක ඇඳගන්න.
12) මෙන්න මේ විදිහට තියෙන්න ඕනෙ.
13) Filter => Blur => Gaussian Blur තෝරලා පහත පරිදි සැකසුම් සකස්කර OK කරන්න.
14) Eraser Tool එක ගන්න නැතිනම් යතුරුපුවරුවේ T අකුර ඔබන්න.
15) Opacity එක 30% දක්වා අඩුකරන්න.
16) රූපය මත Right-click කර eraser එකෙහි ස්වරූපය හා ප්‍රමාණය සකස්කරගන්න.
17) පහත ආකාරයට අනවශ්‍ය කොටස් මකාදමන්න.
18) දේදුන්න සහිත Layer එකේ Opacity එක 50% දක්වා අඩු කරන්න.
19) මෙන්න තියෙනවා අවසාන ප්‍රථිපලය..
වැඩේ හරිනෙ… එහෙනම් මම ගියා……
මේ පාඩමේ PDF එක ගන්න.
No comments:
Post a Comment