කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවා නේද? ඔන්න මම අදත් අලුත් පාඩමක් අරන් ආවා. අළුත් කියලා කිව්වට ඉතින් අලුත්ම න. මේක දන්න අය ඇති. ඒ අය මේක බලන්න එපා. දන්නේ නැති අය විතරක් බලලා දෙයක් ඉගෙනගන්න. මම මේ ලිපිය ලියන්නේ මගේ මේ Blog එකට යන එන යාළුවෙක් නිසයි. එයා මට photo එකක් එවලා ඇහුවා කොහොමද ඒක කරන්නෙ කියලා ඉතින් මම තීරණය කලා ඒ දේ කරන විදිහ ඔයාලටත් දැනගන්න කියලා දෙන්න ඕනෙ කියලා.
01) ඔන්න මම දැන් මම කැමතිම Photo එක Photoshop වලට Open කරගන්නවා. (අහන්න එහෙම එපා ඇයි මේකට ඔච්චර කැමති කියලා… ඒක මම දන්නෙත් නෑ)
02) පහත රූපයේ පරිදි Create new fill or adjustment layer කියන තැන click කරලා Hue/Saturation කියන විදානය ලබාදෙන්න.
03) දැන් Colorize කියන තැන ඉදිරියේ හරි ලකුණක් දාන්න.
04) පහත රූපයේ තියෙන විදිහට Hue 35 ලෙසත් Saturation 40 ලෙසත් වෙනස් කරගන්න.
05) ඔන්න දැන් අපේ වැඩේ ඉවරයි… Save කරගන්න එකයි තියෙන්නෙ.
තව ඉතින් මේකට වැඩ දාන්න පුළුවන් අපි එව්වත් ටික ටික ඉගෙනගනිමු. මම ගිහින් එන්නම්….
මේ පාඩමේ PDF එක ගන්න.
No comments:
Post a Comment